Headlines

    පුහුණු නියමුවන් දෙදෙනා ජෙට් යානයෙන් පැන දිවි බේරාගනී

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බවය.  මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි. යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී…

    Read More

    ජෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය. එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

    Read More

    කොච්චිකඩේ පාළු ඉඩමක පුද්ගල මළසිරුරක්

    කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියාපාර, පෝරුතොට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (20) රාත්‍රි කාලයේදී පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මළසිරුර සොයාගත් බවය. වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Read More

    ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිද්ධිය –  24 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට

    ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පසුගිය 17 වනදා සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එදින රාත්‍රියේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. සිද්ධියෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා තුවාල ලැබීය. මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු 2025.03.18 වන දින රාජගිරිය පොලිස් විශේෂ කාර්ය…

    Read More

    අද සවස තද වැස්සක්

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය….

    Read More

    පුංචි ඡන්දෙ ඇප තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු අද (19) මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම පසුගිය 03 වනදා ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්ඝ නොකරන බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්…

    Read More

    මන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්

    අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමිනි. ඊට අමතරව, අර්ච්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත්…

    Read More

    සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට

    2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා…

    Read More

    මියන්මාර සයිබර් කඳවුරු තුළ රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

    මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයින් 10 දෙනෙකු සිටින බවය. මොවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණි. මෙම පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට…

    Read More

    කටාන අවට ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    කටාන උතුර කලාපයට අයත් ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ අද (19) පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවය. ඒ අනුව බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානචේරිය,…

    Read More