Headlines

    ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරෙයි

    ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවය. ඒ අනුව පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී…

    Read More

    රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ ස්ථාවරය

    මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව කියා…

    Read More

    මෙරට අන්තර්ජාල ළමා අපයෝජන ඉහළ යන බව අමෙරිකාව පෙන්වයි

    මෙරට බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ.  එම වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ගිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.  කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ජාතික ළමා…

    Read More

    ඕනෑම අයෙකු සමග සාකච්ඡා කිරීමට සූදානම් – ජනපති

    සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය. එසේම ඉදිරි ජනාධිපතිවරණයට තරගකරන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපති පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි යන්න පිළිබඳව සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම…

    Read More

    විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබාදීමට ලංවිම උපයෝගීතා කොමිසමෙන් කල් ඉල්ලයි

    විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා…

    Read More

    ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක් ගැන සුවිශේෂී තීරණයක්

    2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලබානොදෙන බව ක්‍රික් බස් වෙබ් අඩවිය වාර්තා කරයි. එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පැය 4ක අමතර කාලයක් පමණක් ලබාදීමට ICCය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතන තීරණ කර ඇත. 2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි  2 වනදා ආරම්භවීමට නියමිත…

    Read More

    සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට නිදහස් ලකුණු දෙකක්

    පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කර බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    Read More

    වසර දෙකක් තුළ නව නීති 75ක්

    පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව පැවසීය. ජනාධිපතිවරයා ඒ බව…

    Read More

    රුසියානු-යුක්‍රේන යුද්ධයේදී මියගිය අපේ රණවිරුවන් ගැන අලුත්ම හෙළිදරව්ව

    රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකන් 16 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් මේවන විට ලැබී ඇති බවය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා විසින් රුසියානු හමුදා සේවයට ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීමට පළ කළ…

    Read More

    ලංවිම දූෂිත ගනුදෙනු රැසක් කෝප් කමිටුවේ දී දිග හැරෙයි

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය. එහිදී මධුර විතානගේ මන්ත්‍රීවරයා කළ විමසීමේදී ප්‍රතිචාර දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාම්‍යාධිකාරී පාලිත පෙරේරා මහතා පැවසුවේ, මුළු ඉංජිනේවරු 330 දෙනෙකුගේ පුරප්පාඩු…

    Read More