මි.මී 75ක තද වැසි අදත්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ…

Read More

16 වන රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4 සිට පස්වරු 6.00 දක්වා බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී එම උත්සවය පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ…

Read More

දේශබන්දු අද විමර්ශන කමිටුවට

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින…

Read More

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවය. යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන්…

Read More

අනියත බිය ලුණු හිඟයට හේතුවක් 

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි. ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ඇතිවෙන්න ලුණු රැසකර ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ නන්දනතිලක මහතා, “වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ…

Read More

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55…

Read More

ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට දිනයේ පැවැත්වෙන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන බව රණවිරු සේවා අධිකාරිය පවසයි. එහි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා සඳහන් කළේ සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බවය. යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19)…

Read More

2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය බලපෑ අයුරු

2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අදාළ කාලසීමාව තුළ මෙරට පවුල්වලින් 60.5 %ය ගේ මාසික ආදායම අඩු වී ඇති බවය. 2023 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ ගෘහස්ථ සමීක්ෂණයේ අවසන් වාර්තාවෙන්…

Read More

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන CEBයෙන් නිවේදනයක්

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන්…

Read More

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (18) දිනය සඳහා  කාලගුණ අනාවැකි නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවය. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,…

Read More