Headlines

    අද සහ හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව…

    Read More

    අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්

    මේ අතර අද (11) දිනයේ ත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන්…

    Read More

    බස් අනතුර ගැන සංවේදී කතාවක් – තවත් සිව්දෙනෙකුට බරපතළයි

    දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම සිදුවූ මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ. අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. අද අලුයම 5.10ට පමණ මාරක රිය අනතුරක් සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල – කුරුණෑගල…

    Read More

    ලොව වඩාත් ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනූ නගරය බවට සීගිරිය නම් කෙරේ

    Booking.com වෙබ් අඩවියට අනුව 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගැනීමට සීගිරිය සමත්ව තිබේ. නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම සඳහා, මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය මෙම අනාවරණය කර තිබුණේ සිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමීවය.

    Read More

    ඩොලරය පහළට

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.18 ක් හා විකුණුම් මිල රු. 301.74 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර අද (10) දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.65 ක් ලෙසිනි. පසුගිය පෙබරවාරි 05 වනදා මෙම අගය රු. 299.14 ක් දක්වා ඉහළ…

    Read More

    අද සහ හෙට විදුලි කප්පාදුවක්

    විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව…

    Read More

    ගුවන්තොටෙන් හමුවූ ජීව උණ්ඩය

    කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පර්යන්තය අසළ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී සොයාගෙන තිබේ. ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවක විසින් එය සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලීසිය වෙත අද (10) දින අලුයම භාර දී ඇත. ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර,…

    Read More

    හිරුණිකාට වරෙන්තු

    2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී…

    Read More

    ‘ඇල්ල ඔඩිසි නානුඔය’ අද සිට 

    “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක් අද (10) නානුඔය සිට බදුල්ල දුම්රිය ස්ථානය  තෙක් ආරම්භ වේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත මෙම නව දුම්රිය ගමන ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය. මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සැම පෙරවරු 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන අතර පස්වරු 01.00ට…

    Read More

    මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට

    දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය….

    Read More