Headlines

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්’ යන සංකල්පය තහවුරුකරමින්…

    Read More

    වෙරළ තීරයක කාන්තා මළසිරුරක්

    වෙරළ තීරයක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.  ඒ, මොරටුව පොලිස් වසමේ උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේ වෙරළ තීරයේ කාන්තා මළසිරුරක් ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුවය. මරණකාරිය වයස අවුරුදු 58ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර…

    Read More

    අද සවසත් මිමී 100ට වැඩි තද වැසි

    අද (4) දිනයේ ද දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි…

    Read More

    රාජ්‍ය ආයතනයකින් කෝටි ගණනක මුදලක් සොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

    මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක් පත් මඟින් රුපියල් 27,031,024.15 ක මුදලක් වංචා කළ බවට පරණ කොට්ටාව පාර, නාවින්න, මහරගම ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගිය 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

    Read More

    ඔටිසම් දරුවන් වාර්තා වීම දෛනිකව ඉහළට

    වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ 2009 වසරේ දී මෙරට සිදුකළ සමීක්ෂණයක දී දරුවන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් සහිත දරුවෙකු බවට හඳුනාගෙන ඇති බවය. ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට…

    Read More

    තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7ක්

    ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් කෙරුණි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද…

    Read More

    අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

    දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය…

    Read More

    අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්

    එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ…

    Read More

    ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව…

    Read More

    ත්‍රිවිල් ගාස්තුව ගැන තීරණයක්

    ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවය….

    Read More