Headlines

    විජිත අමාත්‍ය ධුරයේ වැඩ භාරගනියි

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද (18) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන ගත්තේය. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ඔහු මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. එමෙන්ම ඔහු මීට පෙර 2004-2005 වසරේ එවකට පැවති රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස…

    Read More

    රවී සෙනවිරත්නගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) ප්‍රතික්ෂේප කළේය. රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව වැල්ලවත්ත පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු…

    Read More

    සුජීව සේනසිංහ ගේ V8 රථය – රස පරීක්ෂකට සිහිකැඳවීමක්

    නීතිවිරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුජීව සේනසිංහ මහතාගේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (18) අධිකරණයට ලැබී නොමැති බැවින් රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇති බව වාර්තා විය. එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී…

    Read More

    රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවය. ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහමැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය. ඊට අමතරව එම…

    Read More

    ලොහාන් සහ ශෂී නැවතත් රිමාන්ඩ්

    නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද යළිත් වරක් ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිය නොවැම්බර් 22 වනදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි හිටපු…

    Read More

    අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

    අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයීම අත්හිටුවන බවය. ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා…

    Read More

    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද…

    Read More

    නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන්…

    Read More

    නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් අද

    නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන් ය. නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට…

    Read More

    මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙට වැඩ අරඹයි

    මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්…

    Read More