ColomboBuzz
මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවය. මහ…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (15) දින සවස 04:00 ට නිකුත් කරන ලද එම නිවේදනය අනුව දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වෙයි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
මැදපෙරදිග යුද්ධය සමග වෙනස් වෙන තෙල් මිල – රජයෙන් විශේෂ තීරණයක්
මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබේ. අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ, ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් අදාළ කමිටුව නිර්දේශ සිදුකරන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු…
ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් කළ ඉල්ලීම
පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමිනි. රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස…
කාර්මික නිෂ්පාදනවල වර්ධනයක්
කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී 91.3 දක්වා ඉහළ ගොස් ඇති බවය. එහිදී ආහාර නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව…
දුම්රිය ප්‍රමාදයක් – මගීන්ට දැනුම්දීමක්
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (15) පෙරවරු 7ට පමණ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එංජිම මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවය. මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්ය. ඒ අනුව…
UGC සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. අදාළ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ…
මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම අද හෝ හෙට
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය. එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව…
අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම්…
විපතට පත්වු ජනතාව බේරා ගැනීමට යුද්ධ හමුදාවෙන් විශේෂ මෙහෙයුමක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ගංඟා පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා තිබේ. එම සහන සේවා කටයුතු තව දුරටත් පුළුල් කරමින් වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට යුද්ධ හමුදාපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා විය. ඒ අනුව, පහත සඳහන් ස්ථානයන් වෙත සහනසේවා…