ColomboBuzz
සම සුදු කර ගැනීමේ ආලේපන සම්බන්ධව දැනුවත් කිරීමක්
අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බවයි. ආලේපන වර්ග…
ලංකාවේ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක්
මෙරට තුළ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසා සිටියේ, විෂාදය සහ විවිධ මනෝභාවයන් නිසා දරුවෙකුගේ හැසිරීමේ වෙනසක් ඇත්නම් වහාම වෛද්‍යවරු වෙත යොමුකිරීමට මව්පියන් වගබලා ගත යුතු බවයි. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සජීවන…
නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි
රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ…
විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර…
එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ – දිලිත්
ප්‍රශස්ත විපක්ෂයක් නිර්මාණ කළොත් ආණ්ඩුවකට වඩා වැඩක් කළ හැකි බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ සිටීමට සිදු නොවන බවය. ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ සර්වජන බලයෙන් ‘පදක්කම’ ලකුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ විශේෂ හමුවක් අද (12) වස්කඩුව හෝටලයකදී පැවැති අතර…
සජිත් ගැන කලකිරී අජිත් යන්න යයි
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න…
මුහුදු නොයන්න යැයි ධීවරයන්ට උපදෙස්
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5…
ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ක පමණ තද වැසි
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද…
වසා දැමුණු වැලිපැන්න පිවිසුම යළි විවෘත කරයි
කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (12) උදෑසන 7ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය. ඇදහැළුණු වර්ෂාවත් සමග වැලිපැන්න පිවිසුම ඊයේ උදෑසන ජලයෙන් යටවූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවිය.
ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත….