ColomboBuzz
බ්‍රිතාන්‍යය මහ මැතිවරණය ඇරඹෙයි
රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත් වේ. පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර මිලියනකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීය. මෙවර මැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය…
ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථක වෙයි
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ. රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ ඊයේ (03) දිනයේ දී අදාළ එකඟතාවයකට පැමිණ ඇති බවය. ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්ය. වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට…
සුපිරි නිවාස සංකීර්ණයේ ඛේදවාචකය – CCTV ඔස්සේ පරීක්ෂණ
කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (02) රාත්‍රියේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වයි. පොලීසිය පැවසුවේ, මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවය. මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබුණි….
ලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්
දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයකි. මීටර 2ක පමණ උසින් යුතු පියගැට පෙළකින් වැටී සිටියදී අක්‍රීය වූ රොබෝ සේවකයා සොයා ගෙන තිබුණි. රොබෝ යන්ත්‍රය පඩිපෙලෙන් පහළට වැටීමට පෙර…
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. අදළා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි. පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.
පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කුගදාසන්
ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා නම්කර තිබේ. ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කුගදාසන් මහතා තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය එම කොමිසම මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේශය මේ වන විට කොළඹ…
කෝටි ගණනක ස්වර්ණාභරණ ජාවාරමක්
ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් 19,670,000ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ලේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රන් භාණ්ඩ උකස් අංශයේ නිලධාරියෙක්ව මෙම ජාවාරම සම්බන්ධයෙන් බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. පෞද්ගලික මුල්‍ය ආයතනයේ කළමණාකරු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදුකර ඇත. සැකකරුගේ ප්‍රකාශය…
සුරාබදු ආදායම රු. බි. 17ක වර්ධනයක්
පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගතවූ කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 105ක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ, මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක් බවය. “සුරාබදු දෙපාර්තමේන්තුව 2024 ජූනි 30 වන විට අපි ප්ලෑන් කරපු විදියට රුපියල් බිලියන 105ක් අපි හොයාගෙන තියෙනවා….
ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්
තමන් ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබයි. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම්…
තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්
ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. තරුෂි කරුණාරත්න මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන්…