ColomboBuzz
යළි කිසි දිනක අරගලයකට යන්න එපා…-ජනපති
නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අද කොළඹදී ‘ITC Ratnadipa’ අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “අවුරුදු දෙකකට කලින් මෙතෙන තිබුණේ විශාල උද්ඝෝෂණයක්. මෙතෙන තිබුණේ අරගලයක්. වටේ වට කරලා තිබුණා. අද ඒ වෙනුවට තියෙන්නේ, විශාල හෝලයක්. ITC සමාගමේ, හෝටලය මෙතැන තියෙන Ratnadipa….
අහස යා කළ Ratnadipa
‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය. එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි. මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400කි. එහි හෝටල් කාමර 350ක් පවතී. ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ…
රන් මිලේ වෙනසක්
මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසය. මේ අතර රු. 190,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු….
කිරිපිටි මිල ගැන අලුත් කතාවක්
ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවය. පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්‍රෑම් එක රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි…
විදෙස් රැකියා ජාවාරමේ යෙදෙන පිරිසට රතු එළියක්
අනුරාධපුරයට ආසන්න විහාරස්ථානයක විහාරාධිපති ප්‍රමුඛ පොලිස් සාජන්වරයෙකු මුල් වි විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අදාළ පැමිණිල්ලට අනුව ඊට සම්බන්ධ පාර්ශව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ. බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයකට හැර…
සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින්…
මැලේරියාව යළිත්
024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසයි. අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බවයි. ශ්‍රී ලංකාව තුළින් වාර්තා වූ අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ…
දමිතා ට ඇප
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ. එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
මම ජනාධිපතිවරණයට එනවා – සජිත්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
ඉරාන ජනපතිගෙන් සැර ප්‍රකාශයක්
ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කරන මහා පරිමාණ ප්‍රහාරයකදී ආරක්ෂක භූමිකාව කැපී පෙනෙන ලෙස වෙනස් වනු ඇති බවත්, එහිදී ඊශ්‍රායලය මුළුමනින්ම විනාශකර දමන බවත් ඉරාන ජනපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබේ. එවැනි වාතාවරණයකදී ඊශ්‍රායලයේ සියොන්වාදී රෙජීමයේ කිසිවක් ඉතිරි නොවනු ඇති බව ඔහු සඳහන් කර ඇත. ඉරාන නායකයා පාකිස්තාන සංචාරයේ නිරතවන අතරතුර, ඔහු මෙම ප්‍රකාශය සිදුකළ…