ColomboBuzz
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි. අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. ඌව…
බස්නාහිර ත්‍රීරෝද රථ නියාමනයට ජූනි 30 දක්වා කල්දෙයි
බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි. එහි සභාපති රහුමාන් පල්ලි මහතා සඳහන් කළේ, ත්‍රීරෝද රථ රියදුරන් සඳහා සහන මිලට ගාස්තු මීටර ලබා දීමට රජය වැඩපිළිවලක් සකස් කළ යුතු බවය. “මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා ගාස්තු…
උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීම ගැන දැනුම්දීමක්
දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහාඋපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම 2023 (2024)සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය මාර්තු 2 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල…
අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ
සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වීමට නියමිතය. ඒ අනුව මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස අදින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය අංශය පවසයි. පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දිනෙන් අවසන් කෙරුණි. මේ අතර ලබන මැයි 06 වනදා සිට 18 වනදා දක්වා 2023…
චමරි අංක එකට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ. එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773කි.
තවත් රට රැකියා ජාවාරමක්
තවත් රට රැකියා ජාවාරමක් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය….
තායිවානයේ භූ කම්පනයක්
නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබේ. ඊයේ (22) රාත්‍රී රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්ව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් භූ කම්පනයක් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා…
රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ. හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. අනිද්දා දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය…
බක් පුර පසළොස්වක පොහොය අදයි
බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ ද අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම සමථයකට පත්කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ බක්පුර පසළොස්වක පොහොය දිනයක…
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළ පිරමීඩාකාර ආයතන සහ යෙදවුම්
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද මහ බැංකුව එම නිවේදනයෙන් සඳහන් කරයි. තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී ආයතන සහ යෙදවුම් 8ක් මහ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය…