ColomboBuzz
හෝමාගමට ඔරොත්තු නොදෙන මුව ගහනයක්
හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාමසේවා වසම් රැසක ව්‍යාප්තව සිටින මුවන් සුදුසු ප්‍රදේශයකට මුදාහැරීමට තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පා.ම. අරුණ පනාගොඩ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු පවසා සිටියේ 1500ත් 2500ත් අතර මුව ගහනයක් සිටින බවත්, ඔවුන් ගොවි ජනතාවගේ සියලුම දේ විනාශ කරන බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා, “අපේ…
පාකිස්තානයේ දුම්රියක් බෙදුම්වාදීන් පැහැරගනී
පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබේ. බලොකිස්තාන විමුක්ති හමුදාව නම් බෙදුම්වාදී කල්ලිය විසින් මෙය සිදුකර ඇති බව වාර්තා වේ. මෙලෙස පැහැරගෙන ඇත්තේ ක්වෙට්ටා සිට පේෂාවර් බලා කිලෝ මීටර් 1600ක දුරක් ධාවනය වෙමින් පැවති ජෆාර් නම් ශීඝ්‍රගාමී දුම්රිය බව විදෙස් මාධ්‍ය…
දේශබන්දු සොයන හේතුව – තොරතුරු රැසක් එළියට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය. මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ” w15″ හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි….
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කෙරේ
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේකෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලදාරීන් සහ තැපෑල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මාර්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය, තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම්…
පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ. එමෙන්ම පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවත් අමාත්‍යාංශය එම…
විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි – ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි. විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය…
සිසුන්ට පහරදුන් ටියුෂන් ගුරුවරයාට විදෙස් ගමන් තහනමක්
සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති උපකාරක පන්ති ගුරුවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සැකකාර ගුරුවරයා වෙත ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ඊයේ (11) දිනයේදී පැමිණෙන ලෙස දන්වා තිබුණද ඔහු ඒ සඳහා නොපැමිණි බවය. ඒ අනුව මේ සම්බන්ධව අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව…
පැරණි තොරතුරු නැතැයි කී DMT නිලධාරීන්ට කෝපා කමිටුවේ අප්‍රසාදය
සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාධය පළ විය. මේ අනුව ඉදිරි දිනකදී නැවත පැමිණීමට දැනුම්දෙන බවත් එදින සූදානම්වී පැමිණෙන ලෙසත් දන්වමින් පැමිණි නිලධාරීන් නැවත හරවා යැවීම සිදුවිය. මෙසේ නිලධාරීන් හරවා යැවීම සිදුවූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා…
සැකකරු අත්අඩංගුවට ගත්තත් වෛද්‍ය වර්ජනය හෙට දක්වා
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ලේකම් සුගත් සුගතදාස මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, “අපි සංකේත වැඩවර්ජනයක් කරන්නේ අද උදෑසන 8…
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ අදාළ සැකකරුව අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය. සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින්…