ColomboBuzz
ජාතික සත්ව සංගණනය අද
ජාතික සත්ව සංගණනය අද (15) පැවැත් වෙයි. අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය. ඒ අනුව පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්,…
කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හෙට හදිසි නඩත්තු කටයුත්තක්
කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා හෙට (15) පෙරවරු 10:00 සිට අනිද්දා (16) පෙරවරු 06:00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ මෙම හදිසි නඩත්තු කටයුතු සිදු…
අනුරාධපුරයේ ආරක්ෂාවට CCTV 47ක් – එකක්වත් වැඩ නැහැ
අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා සවිකර ඇති CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ නිලධාරීන් පවසයි. නිලධාරීන් පවසන්නේ, මේ හේතුවෙන් නගරයේ සිදුවන අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් අනාවරණය කරගැනීමට තිබෙන අවස්ථාවද අහිමි වී ඇති බවය. 2017 වසරේදී අනුරාධපුර, හබරණ හා පොළොන්නරුව නගරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සැකසීමටඋතුරුමැද පළාත්…
ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ශාන් පුතා නැමැත්තාව මිලිමීටර නවය වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය මගින් අද (14) අත්අඩංගුවට ගනු ගෙන ඇත. එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ශාන් පුතා නැමැත්තාගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන විත් රැප්…
බටලන්ද වාර්තාව බිමල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය. මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා…
ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වෙයි
ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග මහත්මිය පැවසුවේ අනාරක්ෂිත හා ජනශුන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසාදැමීම සහ ආරක්ෂාව තහවුරුවන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවය. කෙසේවෙතත් රාත්‍රී සේවා මුරවල…
වැලිවේරිය වෙඩිතැබීම ගැන තවත් තොරතුරු
වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබුණි. පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරුණු බවය. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ වම් අතට තුවාල සිදුවී ඇති අතර වෙඩි වැදිමෙන් පසු…
ඇල්ල වැල්ලවාය පාර 12 කණුවෙන් අවහිර වෙයි
අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව පොලීසිය අද (14) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි. ඒ හේතුවෙන් ගමනාගමනය අවහිර වී…
අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි
අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
සමාජයට බිය නොවී යුක්තිය ඉල්ලන වෛද්‍යවරිය
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ. ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් පොලිසීයට පවසා ඇත්තේ, “මම සේවය නිමවී රුවන්වැලිසෑයට ගොස් වැඳපුදා ගෙන නේවාසිකාගරායට පැමිණි අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. මා ලවාම නේවාසිකාගාරයේ දොර විවෘත කර ගත්තේ… බෙල්ලට පිහියක් තබා මරණ බවට තර්ජනය කරමින්. මා…