ColomboBuzz
සුව සැරියට නව සභාපතිවරයෙක්
1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ. ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුද පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම්…
රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්
විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ආණ්ඩුකාර ලේකම්වරු වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ. එහි දක්වා ඇත්තේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට…
පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයෙකු හමුවෙයි
චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. කෙසෙවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ…
තිසර නානායක්කාර යළි රිමන්ඩ්
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව පසුගිය 29 වනදා…
උතුරු මැද පළාතේ O/L ප්‍රශ්නපත්‍රයක් පිටවෙලා – විභාගය නවතී
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය. ඒ අනුව අද උදෑසන වනවිට…
දශකයකට පසුව සිදුවන දරුණුතම හිම පතනය
අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ…
2015 සිට ලබාදුන් ඉඩම් ගැන විමර්ශනයක්
2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉඩම්…
උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී මෙම හමුව පැවැත්වුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේය. විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව ඇත. මෙම සාකච්ඡාව සඳහා…
සුනඛයෙකු නිසා සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් ට දිවි අහිමි වෙයි
රාජාංගනය, අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ සිටි කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (05) රාත්‍රියේ ත්‍රිරෝද රථය මෙලෙස පෙරළී ඇත්තේ මාර්ගය හරහා ගිය සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී බවය. ත්‍රිරෝද රථයේ රියදුරු…
වවුනියාවේ මී උණ ශීඝ්‍ර ව්‍යාප්තියක
ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදී එලෙස සඳහන් කළේය. පසුගිය වසරේ මහ කන්නය හා යල කන්නය තුළ ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ…