
ColomboBuzz

ට්‍රම්ප්ට සහ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළුව ස්ථාන 1,200ක ඊයේ (05) දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවය. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය…

තැන් කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවය. සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද, දකුණු සහ නැගෙනහිර පළාත්වල…

රේගුවෙන් රිංගූ තවත් මෝටර් රථ 12ක් අල්ලස් කොමිසම භාරයට
රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අදාළව තවත් වාහන 12ක් කොමිෂන් භාරයට ගෙන තිබේ. මෙම වාහන රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධව චෝදනා යටතේ අල්ලස් කොමිසම භාරයට ගෙන ඇත. ඒ අනුව ජීප් රථයක්, මිට්ෂුබිසී මොන්ටේරෝ ජීප් 06ක්, ටොයොටා ජීප්…

නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර රැසක්
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු සඳහා දීර්ඝ කාලින විසඳුමක් ලබා දෙන තෙක් ප්‍රදේශයේ වාරි ගැටලු විසඳීමට කෙටිකාලීන පියවර රැසක් යෝජනා වී තිබේ. මේ පිළිබඳව පසුගියදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙම ගැටලුව හා සම්බන්ධ සියලුම අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම යෝජනා…

කොළඹ වැසෙන පාරවල් ගැන පොලීසියෙන් අලුත්ම නිවේදනයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් සිදුකරන රථවාහන සැලැස්මට අනුව කොළඹ අවට මාර්ග වසාතැබෙන ආකාරය ගැන පොලීසිය විසින් අද (5) අලුත්ම නිවේදනයක් නිකුත් කළේය. අද (5) දිනයේ සිදුකරන මෙම විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළහැකි බව එම නිවේදනයේ දැක්වේ. ගාලු මුවදොර…

පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්
පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. එරට වේලාවෙන් අද (5) උදෑසන මෙය ඇති වී ඇත. පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව තිබේ. එම දූපතේ අගනුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව ඇතිව ඇත. එමෙන්ම මෙම භූමිකම්පාවෙන් අනතුරුව…

මහ මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීමක්
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේදී මෙම වැටලීම සිදුකර ඇත. මේ වනවිට එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වෙයි.

අදත් මිමී 100 ට වැඩි තද වැසි
අද (5) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය…

මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ. වින්දිත තරුණිය ප්‍රතිකාර ලබාගැනීමේදී අදාළ වෛද්‍යවරයා හිංසනක් සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, චෝදනාව එල්ලවන…

ශ්‍රී ලංකාවට ආ මෝදි සිංහලෙන් සහ දමිළ බසින් තැබූ X සටහන
තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ, “කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි.” යනුවෙනි. ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය…