ColomboBuzz
අමාත්‍යංශ දෙකක නව ලේකම්වරු පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ප්‍රදානය කළේය. ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතා පත් කර ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා පත් කර තිබේ.
FR පෙත්සමක වගඋත්තරකරුවෙක් ලෙස රනිල් ව නම් කිරීමට අධිකරණයෙන් අවසර
ඉකුත් පාලන සමයේ පුරප්පාඩුව පැවති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. පෙත්සම අද (27)…
ජනපතිගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියාවේ ප්‍රසාදය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසයි. ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට ද කටයුතු කරන බව පැවසූ ඔහු අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කිරීමට හේතුවන බව පැවසීය. අද (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය…
ජනපති හදිසියේ නිලධාරීන් කැඳවයි
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම…
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක් ලබාදී තිබේ. මෙරට ආර්ථිකයේ විවිධ අංශ වල ක්‍රියාත්මක ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම මෙම වැඩසටහනේ අරමුණකි. මෙම වැඩසටහන යටතේ පළමු ණය මුදල ලෙස 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන…
ආපදා මරණ ඉහළට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා මේ බව පැවසීය. මෙම අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම්…
මී උණ පැතිරීමේ අවදානමක්
මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. එමෙන්ම වැඩිම මී උණ රෝගී ආසාදිතයින්ද හමුව ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව ඒ මහතා සඳහන් කළේය. සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේ සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී පැවති…
ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ
පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය. එම නිවේදනය අනුව නිවාඩු ලබා…
අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවය. උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවේය. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ…
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය…