ColomboBuzz
නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ ස්ථාවරය
එළැඹෙන ජනවාරි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ඊයේ (16) සිදුවිය. ඒ පේරු හිදී පැවැත්වෙන ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව අතරතුරදීය. එහිදී චීන ජනාධිපතිවරයා පවසා තිබුණේ තේරීපත්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලය අතරතුර චීන…
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ඉන්කාවරුන්ගේ මතකය අලුත් කරමින් නව Chancay වරාය විවෘත කෙරේ
චීනය සහ පේරු රාජ්‍යය විසින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සංකේතවත් කරමින් ඉදි කළ Chancay වරාය ව්‍යාපෘතිය විවෘත කර තිබේ. මීට වසර 500කට පමණ පෙර පේරු හී මුතුන් මිත්තන් වන ඉන්කාවරුන් විසින් ඇන්ඩීස් කඳු ආශ්‍රිතව එහි උතුරු හා දකුණු කළාප හරහා ඉදිකළ Inca Trail පැරණි මාර්ගයට නව ජීවයක් ලබා දෙමින් මෙම වරාය ඉදි කර තිබේ. මෙම…
පාර්ලිමේන්තුව නියෝජනයට එන කාන්තාවන් මෙන්න
10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු මෙවර මැතිවරණයෙන් තේරී පත්ව තිබේ. ඉන් 19 දෙනෙකුම ජාතික ජන බලවේගයෙන් වන අතර දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් පත්ව ඇත. ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ, හේමාලි සුජීවා, නිලන්ති කොට්ටහච්චි, ඔශානි උමංගා, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, කිෂ්නන් කලෙයිචෙල්වි, හසාරා ලියනගේ, සරෝජා පෝල්රාජ්, මුතූ රත්වත්තේ, ගීතා…
අමෙරිකාවේ USS Michael Murphy කොළඹට
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (16) කොළඹ වරායට පැමිණෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කර තිබුණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class guided missile destroyer වර්ගයට අයත් ‘USS…
පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට
10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවේ අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන්ද ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවය. මේ අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණ කඩිනමින් මැතිවරණ…
අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්
මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද සහ හෙට දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය සදහා යොදවා ඇති බවය. ඒ අනුව විශේෂ දුම්රිය වාර 7ක් සැලසුම් කර…
රෙහාන් ජයවික්‍රම දේශපාලනයෙන් සමුගනියි
තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි. සිය X පිටුවේ සටහනක් සටහනක් තබමින් ඔහු පැවසුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවය. දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කර ගමනක් පැමිණියත්, මෙතැන් සිට තම…
එක් එක් පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදී යන්නේ මෙහෙමයි
2024 මහ මැතිවරණයේදී එක් එක් පක්ෂ වෙත හිමි වූ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රී ධුර සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරනු ලබන නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ලබා දෙන ලෙස එම පක්ෂවල මහලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගත් ජාතික ජන බලවේගය සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව අද (17) දිනයේ ප්‍රකාශයට…
හැකියාවන් ඇති අය සිර කළ රාමුව කැඩුවා – අම්බිකා
තමන් පළමුවරට දේශපාලනයට පැමිණීමත් සමග මින් ඉදිරියට වතුකරයේ තරුණ ප්‍රජාව දේශපාලනයට අවතීර්ණ වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක කාන්තා නියෝජනයක් වන අම්බිකා සැමුවෙල් පවසයි. ඇය පැවසුවේ හැකියාවන් ඇති තරුණ තරුණියන් පිරිසක් වතුකරයේ සිටි නමුත් ඔවුන් යම් රාමුවක කොටු කර තැබූ බවය. “පළවෙනි වතාවට මම දේශපාලනයට ආවත් එක්කම මගේ නංගිලා මල්ලිලා අනිවාර්යයෙන්ම දේශපාලනයට එනවා….