Politics
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් තොරතුරු කවුළුවක්
දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවය. එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත්…
හරිනි අගමැති ධුරයේ වැඩ අරඹයි
නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තාය. ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වේ. එමෙන්ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙයි.
විජිත අමාත්‍ය ධුරයේ වැඩ භාරගනියි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද (18) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන ගත්තේය. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ඔහු මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. එමෙන්ම ඔහු මීට පෙර 2004-2005 වසරේ එවකට පැවති රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස…
රවී සෙනවිරත්නගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) ප්‍රතික්ෂේප කළේය. රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු…
සුජීව සේනසිංහ ගේ V8 රථය – රස පරීක්ෂකට සිහිකැඳවීමක්
නීතිවිරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුජීව සේනසිංහ මහතාගේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (18) අධිකරණයට ලැබී නොමැති බැවින් රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇති බව වාර්තා විය. එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී…
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවය. ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහමැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය. ඊට අමතරව එම…
ප්‍රබල අමෙරිකානු අවි රුසියාව දෙසට
යුක්‍රේන යුද්ධයේ තීරණාත්මක වෙනසක් මෙන්ම එහි අනතුරුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි පියවරක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අද (18) වාර්තා කර තිබේ. ඒ අමෙරිකාව විසින් සපයනු ලබන දිගු දුර මිසයිල ඇතුළු නවීන යුද අවි රුසියානු භූමිය තුළට එල්ල කිරීම සඳහා යුක්‍රේනයට අවසර ලබාදීමයි. රුසියාව එල්ල කරන දැවැන්ත ප්‍රහාර හමුවේ තමන්ට…
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන්…
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් අද
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන් ය. නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට…
ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පි.සත්‍යලිංගම්ට
ඉලංකෙයි තමිල් අරුසු කච්චිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා නම් කර තිබේ. පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චිය නියෝජනය කරමින් තරග කළ අයෙකි.