ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි

මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය  නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් අද (06) පෙරවරුවේ සිදු කෙරිණි.  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “ සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක් ” යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති…

Read More

ශ්‍රී ලංකාවට ආ මෝදි සිංහලෙන් සහ දමිළ බසින් තැබූ X සටහන

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් සටහනක් තබා තිබේ.  එහි දැක්වෙන්නේ, “කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි.” යනුවෙනි. ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය…

Read More

යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය.  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවිය. ඉන් අනතුරුව…

Read More

දකුණු කොරියානු ජනපති ඉවතට‍

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කළේය. ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, එතෙක් ධුරයේ කටයුතු කරන්නේ වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි. රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස…

Read More

අවුරුදු සහන මල්ලට මැතිවරණ කොමිසමෙන් වාරණයක්

සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත. මෙවර අයවැය…

Read More

තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7ක්

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් කෙරුණි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද…

Read More

පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ඡන්දයත් මැයි 6

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) නියෝජනය කළේය.  අදාළ ආයතන තුනෙහි නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00ට අවසන් විය. නාමයෝජනා භාරගැනීමේදී ඇති වූ ගැටලු සහගත සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් මෙම පළාත් පාලන ආයතනයන්හි ඡන්දය පැවැත්වීමට එරෙහිව නඩු…

Read More

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය….

Read More

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි.  මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දුන්නේය.  ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන්…

Read More

බ්‍රිතාන්‍යයේ සම්බාධක ගැන නාමල්ගෙන්  X පණිවුඩයක්

මෙරට යුද විරුවන්ට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවුඩයක් නිකුත් කර තිබේ. ඔහු එහි දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ නවතම සම්බාධක මානව හිමිකම් ගැන නොව LTTEයේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවය. එමෙන්ම මෙය යුක්තිය නොව ඇතැම් බටහිර දේශපාලනඥයන් මුදල් හරහා බලපෑම් කරමින්,…

Read More