Politics
එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ – දිලිත්
ප්‍රශස්ත විපක්ෂයක් නිර්මාණ කළොත් ආණ්ඩුවකට වඩා වැඩක් කළ හැකි බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ සිටීමට සිදු නොවන බවය. ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ සර්වජන බලයෙන් ‘පදක්කම’ ලකුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ විශේෂ හමුවක් අද (12) වස්කඩුව හෝටලයකදී පැවැති අතර…
සජිත් ගැන කලකිරී අජිත් යන්න යයි
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න…
ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත….
තවත් ප්‍රබලයෝ පිරිසක් මහ ඡන්දෙට නොඑති
හිටපු මැතිඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අතර පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද සිටී. පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව තහවුරු කර තිබේ. එමෙන්ම පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර…
මැතිවරණ දිස්ත්‍රික්ක 22කට කණ්ඩායම් 690ක් තරගයට
2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය. වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු…
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අගමැතිනියගෙන් කළ ඉල්ලීම
පසුගිය කලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, දූෂණ සම්බන්ධයෙන් තොරතුරු එම කමිටුවට ලබාදීම සඳහා තම සංගමය කටයුතු කරන බවය. “මේ වනවිට අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි කියනවා පසුගිය…
පක්ෂ රැසක් නාමයෝජනා අත්සන් තබයි
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීය. ඒ් අනුව ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මේ වනවිට නාම යෝජනා භාර දී තිබේ. ජාතික ජන බලවේගය සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය. සමගි ජන සන්ධානය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම සිදුකළේ…
කමල් අද්දරආරච්චිත් මහ මැතිවරණයට
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා, “හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන්…
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද…
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග අද (06) මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ…