ජනපති සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව, ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම උපදෙස් ලබා දුන්නේ, සංචාරක…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මුල දිවයිනට

එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.

Read More

බටලන්ද වාර්තාව බිමල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය. මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා…

Read More

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පවත්වා තිබේ.  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.  මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට…

Read More

13 ගැන කියන්න මෝදි එනකන් බලා ඉන්න ශිවඥානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුලදී ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි. අද (13) යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ වැඩ බලන සභාපති සි. වි. කේ ශිවඥානම් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය. එළඹෙන අප්‍රේල් මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිත…

Read More

සත්ව සංගණනයේ සැබෑ හේතුව හෙළිකරයි

සත්ව සංගණනය සම්පුර්ණයෙන් නිවැරදි දත්ත ලබාගැනීමේ අරමුණින් සිදුකරන්නක් නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අද වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු පැවසුවේ මෙමගින් ලබාගන්නා දත්ත කෘෂිකාර්මික ඵලදාව වැඩි කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බවය. “ඇතැම් විට තවත් වටයකින් අපිට මේක බලන්න වෙයි. තව වෙලාවක් දාන්න වෙයි. යම් අදහසක් අපිට ගන්න පුළුවන් ඒත් 100%ක්…

Read More

තීරණය කියන්න එජාපයෙන් සජබයට දුන් කාලය

කොළඹ මහා නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමේ තීරණය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයට මාර්තු 20 වනදා දක්වා කාලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත. කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරග කිරීමට…

Read More

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි – ජනපති 

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.  විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය…

Read More

රුසියාව සමග දින 30ක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි

සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබේ. යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැත.

Read More

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. අමාත්‍යවරයා පැවසුවේ ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවය.  ඒ…

Read More