බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රියදුරා අත්අඩංගුවට

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වූ රදලියගොඩ,…

Read More

මීනගයා පීලි පනී

කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ. හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතර දී මෙලෙස දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ වනඅලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් බව ද වාර්තා වේ.

Read More

මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර…

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ. ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි  දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට…

Read More

මෝටර් රථවලට ලියාපදිංචි අංක තහඩු නිකුත් නොකිරීම

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය. ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය. මෝටර් රථ…

Read More

දුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිළිතුරක්

විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහසුතාවට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් අසාධාරණ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියේය. වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය…

Read More

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බව වාර්තා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත්…

Read More

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කිරීමේ වැඩපිළිවෙළක්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාව සිදුකරන බවය. රාත්‍රී කාලයේදී දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය…

Read More

තවත් බස් අනතුරක්

අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි. අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි. මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව අප කළ විමසීමකදී මහියංගනය පොලීසිය පැවසීය.

Read More

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ…

Read More