Headlines

    රට පුරා සිදුවූ ආපදාවලින් අහිමි වූ ජීවිත

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 41,590 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය අද (29) පෙ.ව. 6ට නිකුත්කළ යාවත්කාලීන කිරීම අනුව මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 20 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 102ක් පූර්ණ හානියට ලක්වී ඇති අතර…

    Read More

    ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මගින් ඒ බව සඳහන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන…

    Read More

    හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

    රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී…

    Read More

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බවය. පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ…

    Read More

    සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් දුරින්

    නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි.  එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින්  අද දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ…

    Read More

    ජනපතිගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියාවේ ප්‍රසාදය

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  “ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසයි. ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට ද කටයුතු කරන බව පැවසූ ඔහු අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කිරීමට හේතුවන බව පැවසීය. අද (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය…

    Read More

    ආපදා මරණ ඉහළට

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා මේ බව පැවසීය.  මෙම අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම්…

    Read More

    ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

    පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය. එම නිවේදනය අනුව නිවාඩු ලබා…

    Read More

    අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවය. උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවේය. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ…

    Read More

    මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්

    මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අනුරාධපුර, වව්නියා හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය ද්‍රෝණියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, වව්නියාව දිස්ත්‍රික්කයේ වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ නැනඩ්ඩාන්, මූසාලෛ, මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි…

    Read More