
එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වැසෙයි
පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබේ. මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර්, ලිවර්පූල් සහ බර්මින්හැම් ගුවන්තොටුපොළ අයත්ය. එරට පළාත් රැසකට මේ දිනවල අධික හිමපතනය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 11ක මට්ටමේ පවතින බව වාර්තා වෙයි. මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය,…