Headlines

    පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයක්

    පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක අංශ මුරපොළකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් Tehreek-e-Taliban Pakistan නම් ත්‍රස්ත කණ්ඩායම වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Read More

    හිස්බුල්ලා බැංකු වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

    ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වා ගෙන යනු ලබන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය විනාශකරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා සුළු වේලාවකට පසුව මෙම ප්‍රහාර එල්ලකර තිබුණි. පසුගිය මස ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන්…

    Read More

    බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

    බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවය. අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු…

    Read More

    ඉන්දීය දේශපාලනඥයෙක් ව ඝාතනය කෙරේ

    ඉන්දියාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාලක භාරතීය ජනතා පක්ෂය හා සම්බන්ධ දේශපාලනඥයෙක් වූ බාබා සිදික් ව ඔහුගේ පුත්‍රයාගේ දේශපාලන කාර්යාලය අසලදී වෙඩිතබා ඝාතනය කර තිබුණි. 66 හැවිරිදි සිදික් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇත. හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයෙක් වන සිදික් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෙකි….

    Read More

    නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික බෝම්බයෙන් බේරුණු පිරිසකට

    ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් බේරුණු කණ්ඩායමකට 2024 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. එම කණ්ඩායම “Nihon Hidankyo” නමින් හැඳින්වුණි. හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවිගලවාගත් එම පිරිස ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් කමිටුව පැවසීය.

    Read More

    රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

    ස්වීඩන රාජකීය ඇකඩමිය පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයින් අද (09) නම් කෙරුණි. ඒ අනුව එය හිමිවී ඇත්තේ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජේ. ජම්පර් යන විද්‍යාඥයින් වෙතයි. ප්‍රෝටීනයක පරිගණකගත ආකෘතිය සැකසීම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගයේ අර්ධයක් ඩේවිඩ් බේකර් වෙත ප්‍රදානය කර ඇති අතර, ත්‍යාගයේ ඉතිරි අර්ධය ප්‍රෝටීනයේ…

    Read More

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය සලිත වෙයි 

    ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරමින් ඊශ්‍රායලය දකුණු බීරුට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල – හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භයෙන් පසුව ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති පිරිස දෙදහසකට ආසන්න බවය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතව ඇති අස්ථාවරත්වය තවත් තීව්‍ර කරමින් ඊයේ (03) රාත්‍රියේත් ඊශ්‍රායලය,…

    Read More

    ජනපතිගේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය

    දුෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතර හමුව පෙරේදා (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.  ‍ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර…

    Read More

    ජපානයේ නව අගමැති ඉෂිබා

    ජපාන හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගෙරු ඉෂිබා එරට නව අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවේ තේරිපත්ව තිබේ. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා වෙනුවට පත් වූ ඔහු 67 හැවිරිදි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නව අගමැතිවරයාගේ සැලසුමයි. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් පසුගිය දා…

    Read More

    හෙලීන් ජීවිත 30ක් බිලිගනී

    අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයට බලපෑ ඇති  ‘හෙලීන්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහා  ‘හෙලීන්’ සුළි කුණාටුව අමෙරිකාවට ඇතුළුවී තිබුණි. ප්‍රාන්ත කිහිපයක් හරහා හමාගිය සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 105 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඇතැම් පිරිස් අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා…

    Read More