Headlines

    රුසියාවේ මර්මස්ථාන රැසකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ විදුලි බලාගාර දෙකක ගිනි ගෙන ඇතැයි වාර්තා වෙයි. රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ, මොස්කව් අගනගරය සහ වෙනත් ස්ථාන 15ක් පමණ ඉලක්ක කරමින් යුක්‍රේනය විසින් ඩ්‍රෝන යානා 158කට වැඩි ගණනක් එවා තිබූ බවයි. මෙම ඩ්‍රෝන සියල්ල විනාශකළ බවට රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුව ද මොස්කව් නුවර නගරාධිපතිවරයා පවසා ඇත්තේ එල්ලවූ…

    Read More

    මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයක

    මාලදිවයින ඉතිහාසයේ පළමුවරට එරට ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එරට පවතින පරිභෝජනයට ගතහැකි ඩොලර් සංචිත එක් මාසයක ආනයන කටයුතු වෙනුවෙන් හෝ ප්‍රමාණවත් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මාලදිවයින ආර්ථිකය මූලිකව සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය හාරහා කේන්ද්‍රගතව පවතී. කලකදී ලොව සරලම බදු…

    Read More

    මිනිසා වඳවී යෑමේ අවදානමක් විද්‍යාඥයින් හෙළිකරයි

    මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජනවී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවය. ඒ වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයකිනි. ඒ අනුව වසර මිලියන 4.5ක් තුළදී…

    Read More

    යුද්ධය නතර කරන මාර්ගය මෝදි යුක්‍රේනයේදී හෙළිකරයි

    යුක්‍රේනයේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් මියගිය දරුවන් අනුස්මරණය කිරීමට සහ කියෙව් අගනුවර මහත්මා ගාන්ධි ස්මාර්කය නැරඹීමට එක්වී තිබේ. මෝදිගේ මෙම සංචාරය සැලකෙන්නේ 1991දී යුක්‍රේනය සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඉන්දීය අගමැතිවරයෙකු යුක්‍රේනයේ සංචාරය කරන පළමු අවස්ථාව ලෙසය. විදෙස් මාධ්‍ය පවසන්නේ අගමැති මෝදි සහ ජනාධිපති සෙලෙන්ස්කි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා…

    Read More

    ශිකර් ධවාන් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

    වසර 14ක කාලයක් පුරා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සමස්ත ක්‍රීඩා පිටියෙන්ම සමුගන්නා බව පෙරෙදා (24) නිවේදනය කළේය. ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි20 තරග රටා ත්‍රිත්වයේම කැපීපෙනෙන පිතිකරුවෙකු වන, මේ වනවිට 38වන වියේ පසුවන ධවාන්, ජාත්‍යන්තර ලකුණු දස දහසකට (10,867) වඩා රැස්කර ඇත. ඊට ශතක 24ක් හා අර්ධ ශතක 55ක්…

    Read More

    ඉරාන ජනපති ගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

    අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කර තිබේ. එහි දැක්වෙන්නේ එම යානය අයහපත් කාලගුණය සහ යානය ට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් එය අනතුරට පත්වූ බවයි. පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි. එම අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික…

    Read More

    ට්‍රම්ප් පිටුපස ඉරානය – බුද්ධි අංශ තහවුරු කරයි

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබේ. FBI සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇතිකිරීමට සහ විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකානු මැතිවරණයට මැදිහත් වී ඇති බව අදාළ වාර්තාවේ…

    Read More

    මන්කිපොක්ස් ආසාදිත මරණ 500 ඉක්මවයි

    වඳුරු උණ හෙවත් ‘මන්කිපොක්ස්’ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී තත්ත්වය පුද්ගලයින් 16,000ක් පමණ මේ වන විට ගොඳුරු වී ඇති බව වාර්තා වේ. ‘මන්කිපොක්ස්’ වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත්කරනු…

    Read More

    ඉන්දීය වෛද්‍යවරු මිලියනයක් වර්ජනයක 

    ඉන්දීය වෛද්‍යවරියක් රාජකාරිය අතරතුර රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ඉන්දීය වෛද්‍යවරු ජාතික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ ඉන්දීය පුහුණු වෛද්‍යවරියකගේ නිරුවත් මෘතදේහය කොල්කටා හි රෝහලක සම්මන්ත්‍රණ ශාලාවක වැටී තිබියදී හමුවූයේ පසුගිය 9 වැනිදාය. ඇයගේ සිරුර පුරා අපහරණයට ලක්වූ බව දැක්වෙන තුවාල කැලැල්ද දක්නට ලැබුණේ එය සමූහ දූෂණයක්ද…

    Read More

    රුසියාවේ භූකම්පනයක්

    රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබේ. පැසිපික් සාගරයේ…

    Read More