Headlines

    රතු පැහැ දුර්ලභ දියමන්තියක් මහජන ප්‍රදර්ශනයට

    රතු පැහැ අතිශය දුර්ලභ දියමන්තියක් අමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. ඒ එහි පැවැත්වෙන වින්ස්ටන් රෙඩ් ඩයමන්ඩ් සහ වින්ස්ටන් ෆැන්සි කලර් ඩයමන්ඩ් දියමන්ති ප්‍රදර්ශනයට සමගාමීවය. මෙම දියමන්තියට අමතරව තවත් දියමන්ති විශාල ප්‍රමාණයක් එහිදී ප්‍රදර්ශනයට තබා තිබේ. ඉතාමත් දුර්ලභ ඝනයේ දියමන්තියක් මේ දිනවල අමෙරිකාවේ වොෂින්ටන් නුවර ස්මිත්සෝනියන් ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනයට තබා ඇත….

    Read More

    මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි

    පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන…

    Read More

    නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

    නවසීලන්තයට අයත් දූපතක් ආසන්නයේ ප්‍රබල භූකම්පයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබේ. කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි.

    Read More

    දිනෙන් දින මියයන පලස්තීනුවන් ගණන 50,000 ඉක්මවයි

    ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 50,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේනය කරයි. එමෙන්ම එහි අවසානයක් දක්නට නොමැති බවද සඳහන් කර ඇති බව විදෙස් මාධය පවසයි. 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල භූමියට පිවිස 1,200කට අධික පිරිසක් ඝාතනය කළ අතර, තවත් 251 දෙනෙක්…

    Read More

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් දේශපාලන නායකයෙකු මරුට

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ. හමාස් සංවිධානය පවසා ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවය. මේ අතර ගාසා තීරය වෙත…

    Read More

    පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර

    මසකටත් වැඩි කාලයක් රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබා දී තිබේ. කෙසේ නමුත් උන් වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලබා ඇති බව වාර්තා වෙයි. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පසුගිය පෙබරවාරි මස 14 වැනිදා හදිසියෝ රෝහල්ගත කෙරුණේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුකරගෙනය….

    Read More

    බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් සමුගනී

    ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන හෙවිවේට් ක්‍රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි. ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන ෆෝමන් මිය යනවිට 76වන වියේ පසුවිය. බොක්සිං වළල්ල තුළ ‘බිග් ජෝර්ජ්’ ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහදාරී ක්‍රීඩකයෙක්ය. 1968 ඔලිම්පික් උළෙලේදී ඔහු…

    Read More

    හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

    තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබේ. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස පුරා මෙහි බහුතර ගුවන්ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කළේය. එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ මෙය වන අතර, එය හදිසියේ වසාතැබීමට සිදුවීමෙන් මගීන් ලක්ෂ 2ක් පමණ පීඩාවට පත් වූ බව විදෙස්…

    Read More

    මහා බෝධි විහාරයේ පාලනය ඉල්ලා ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා

    ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි මස 12වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන් හි…

    Read More

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. ඒ අනුව 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි. එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත්…

    Read More