Headlines

    තවත් බිහිසුණු ගුවන් අනතුරක් – 12කට දිවි අහිමිවෙයි

    මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින්  පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Read More

    මියන්මාර සයිබර් කඳවුරු තුළ රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

    මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයින් 10 දෙනෙකු සිටින බවය. මොවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණි. මෙම පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට…

    Read More

    රුසියාව පූර්ණ සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළැඹීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේ වුවද දින 30ක කාලයක් සඳහා යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ලකරන ප්‍රහාර නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟතාවය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Read More

    මාස 9කට පසු ISS හි සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘතුවියට

    මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද (19) අලුයම් කාලයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා ආසන්න මුහුදට සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කෙරුණි. ඒ පැය 17ක දිගු ගමනකින් අනතුරුවයි. සනී සහ බුච් පැමිණි යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳි සිටි තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ…

    Read More

    ගාසා තීරයට දරුණු ප්‍රහාරයක් – දරුවන් ඇතුළු 200කට අධික පිරිසක් මරුට

    සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ. සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත. පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම…

    Read More

    ප්‍රබලයින් දෙදෙනෙක් අතර තීරණාත්මක සාකච්ඡාවක්

    යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

    Read More

    මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ පළමු ගමන සාර්ථකයි

    චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කර තිබේ.  මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානාවයි.   ‍ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර…

    Read More

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය  පිළිබඳව කරුණු පැහැදිලි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු  හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා. “මෙවර…

    Read More

    ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් මුදාගනී

    පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන තිබේ. පෙරේදා දහවල් බලොචිස්තාන් ප්‍රාන්තයේදී අදාළ දුම්රිය පැහැර ගැනුණේ මගීන් 400 දෙනෙකුද සමඟින්ය. දුම්රිය බලොචිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් තිබුණි. පැහැරගැනීම සිදුකළ බලොචිස්තාන් බෙදුම්වාදීන් ප්‍රකාශකර තිබුනේ පැය 48ක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමඟ දුම්රිය පුපුරුවා හරින බවය. කෙසේ…

    Read More

    පාකිස්තානයේ දුම්රියක් බෙදුම්වාදීන් පැහැරගනී

    පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබේ. බලොකිස්තාන විමුක්ති හමුදාව නම් බෙදුම්වාදී කල්ලිය විසින් මෙය සිදුකර ඇති බව වාර්තා වේ. මෙලෙස පැහැරගෙන ඇත්තේ ක්වෙට්ටා සිට පේෂාවර් බලා කිලෝ මීටර් 1600ක දුරක් ධාවනය වෙමින් පැවති ජෆාර් නම් ශීඝ්‍රගාමී දුම්රිය බව විදෙස් මාධ්‍ය…

    Read More