Headlines

    ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ මගියා කොටුවෙයි

    ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (12) අලුයම ගුවන් තොටුපොළ පොලීසිය මඟින් අදාළ මගියාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවයහිමි 65 හැවිරිදි…

    Read More

    රුසියාව සමග දින 30ක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි

    සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබේ. යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැත.

    Read More

    පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

    පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති…

    Read More

    ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි. ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකර…

    Read More

    25 වැනි IIFA සම්මාන උලෙළ

    ඉන්දියාවේ ගුජරාට් හි පැවැති 25 වැනි IIFA සම්මාන උලෙළේ වැඩි ගෞරව දිනාගැනීමට කිරන් රාවෝ ගේ Laapataa Ladies සිනමාපටය සමත්ව තිබේ. ඒ අනුව හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂවරිය, සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු සම්මාන 10ක් දිනාගැනීමට එම සිනමාපටය සමත් විය. මීට අමතරව හොඳන නළුවා  සම්මාන හිමිකර ගත්තේ Bhool Bhulaiya 3 සිනමාපටයේ දැක්වු රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් ය….

    Read More

    අමෙරිකානු පුරවැසිභාවය මිල දී ගන්න ඔබටත් අවස්ථාවක්

    අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විට ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක අතර ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. එහිදී ධනවත් විදේශිකයින්…

    Read More

    ග්‍රහලෝක 7ක් එකපෙළට නැරඹීය හැකි දුර්ලභ අහස් සංදර්ශනයක්

    සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවය….

    Read More

    පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයේ අලුත්ම නිවේදනය

    අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව  වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය පූජාව සඳහාද උන්වහන්සේගේ අශිර්වාදය ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. පාප් වහන්සේ ඊයේ (23) අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර වෛද්‍යවරු පවසා තිබුණේ රුධිර පරීක්ෂණ අනුව, උන්වහන්සේගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ…

    Read More

    ජර්මනියේ මැතිවරණ ජය කන්සවේටිව් පක්ෂයට

    ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ  නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි. ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

    Read More

    නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපුමකින් 18ක් මරුට

    ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    Read More