Headlines

    පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර

    පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ. තලෙයිබාන් සංවිධානය විසින් මේ බව නිවේදනය කර ඇත. ඔවුන් පවසා ඇත්තේ මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවය. තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන වෙත පාකිස්තානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ලකර තිබුණි. ඒ අනුව නත්තල් උදාව මැද…

    Read More

    මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත‍. කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි. ගුවන් යානය කඩාවැටීමත් සමග ගින්නක් හටගෙන ඇති නමුත්, පසුව…

    Read More

    හිමමත ලිස්සායාමේ ශූරියක් අවසන් ගමන් යයි

    ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුව ඊයේ (24) මියගොස් තිබේ. ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන හෙඩිගර්, මියයන විට වයස අවුරුදු 26ක් විය. ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සායාමේ කණ්ඩායම පසුගිය සඳුදා එරට අරෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී මෙම අවාසනාවන්ද සිදුවීමට මුහුණ…

    Read More

    ඇල්බේනියාවේ TikTok තහනමක්

    TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවය. ඇල්බේනියාවේ මෙම TikTok කහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි  සිසුවෙකුට සිදුකළ පිහි…

    Read More

    ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක අනතුරක්

    නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඊයේ (21) පස්වරුවේ පුද්ගලයෙකු මෝටර් රථයක් වෙළෙඳපොළ තුළට ධාවන කර මෙම අනතුර සිදුකර ඇති බව සඳහන්ය. අනතුර සිදුකළ රියඳුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…

    Read More

    පුවත් නාලිකාවකින් ට්‍රම්ප්ට වන්දියක්

    තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ වාර්තා කළ බවට අධිකරණයේ පැවති නඩුවක් සමථයට පත්කරගැනීමට ඔහුට දැවැන්ත වන්දියක් පිරිනැමීමට ලෝකප්‍රකට ABC පුවත් නාලිකාව එකඟ වී තිබේ. ඒ අනුව ඔවුන් ට්‍රම්ප් වෙත ලබාදීමට එකඟව ඇති වන්දිය අමෙරිකානු ඩොලර් මිලියන 15කි. පසුගිය මාර්තු 10 වනදා පැවති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර ජෝර්ජ් ස්ටෙෆනොපොලිස්, ට්‍රම්ප් යනු ස්ත්‍රී දූෂණයට…

    Read More

    සිරියාවට අගමැතිවරයෙක්

    සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මක ය. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු ඊට පෙර කටයුතු කළේය. පසුගිය ඉරිදා (08) සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී එරටින් පැනගියේය. ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය…

    Read More

    හිටපු ජනපති රනිල් ට අපරාධ චෝදනාවක් – ඩලස් ජනපති අනුරට ලියයි

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත….

    Read More

    සිරියානු කැරලිකරුවන් අගනුවරට ඇතුළු වෙයි – ජනපති රටින් පළායයි

    සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබේ. ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්‍ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි. කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් මේ වනවිට ඩැමැස්කස් අගනුවරට ද…

    Read More

    දකුණු කොරියානු ජනපති පුටුව රැකගනී

    දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව විපක්ෂය ගෙනආ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණි. දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි. දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වුණි. දෝෂාභියෝගය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන්…

    Read More