Headlines

    රට සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංගුවට

    පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා රුපියල් 1,340,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාරාහේන්පිට පොලිසියට වාර්තාවූ පැමිණිලි 03කට අදාළව නාරහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඊයේ (14) සවස් කාලයේදී නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකාරිය වයස අවුරුදු 45ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකාරියකි.  

    සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පුද්ගලයින්ට විදෙස්ගත කරන බවට පොරොන්දු ලබාදී  මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් සිද්ධි වාර්තා වී තිබේ.

    කොළඹ වංචා විමර්ශන කාර්යංශය, වැල්ලවත්ත, වාද්දූව, මීගහවත්ත, හබරාදූව හා ගිරිඋල්ල යන පොලිස් සථානවලට අදාළ පැමිණිලි ලැබී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *