Headlines

    sp

    ගුරු-විදුහල්පතිවරුන් හෙට උද්ඝෝෂණයක

    හෙට (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඒ අනුව හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය  ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ…

    Read More

    මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මරුට

    මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් තිබේ. උප ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි තිබුණේ එරට චිකන්ගාවා නම් වනාන්තරයට ය. අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය රේඩාර් පථයෙන් අතුරුදන් වූයේ ඊයේ උදෑසනය. ඒ ලිලොන්ග්වේ අගනුවර ගුවන්තොටුපොළින් පියාසැරිය ආරම්භ කළ සුළු මොහොතකිනි. යානයේ සුන්බුන් හමුවූයේ පැය 24කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු…

    Read More

    ඇපල් දුරකථනවලට Chat GPT එකතු වෙයි

    AI තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් අතර තියුණු තරගයක් ඇති වී තිබෙන මොහොතක අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී.  ඒ අනුව ඊයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) ප්‍රකාශ වුණේ ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය AI නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ කෙරෙන බවය.  විශේෂයෙන්…

    Read More

    ඩෙංගු අධි අවදානම් තත්ත්වය ඉහළට

    පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා දිවයිනෙන්…

    Read More

    රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

    රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආශ්‍රිත වැටුප් විෂමතා ඇතුළු වැටුප් සම්බන්ධව පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් මේ…

    Read More

    ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාවත්

    සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ. ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව වාර්තා වේ. මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ…

    Read More

    පොසොන් සමයේ ප්‍රවාහන සේවා සිදුවෙන අයුරු

    අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය. එහිදී බස්රථ 400කට වැඩි…

    Read More

    ශ්‍රී ලාංකිකයන් මුදාගැනීම වෙනුවෙන් රාජ්‍ය ඇමති අද මියන්මාරයට

    මියන්මාරයේ ත්‍රස්ත කඳවුරු 03ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීම සඳහා අද (08) රාත්‍රියේ එරටට යෑමට සුදානමින් පසුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසයි. එමෙන්ම තායිලන්ත රජය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය…

    Read More

    අද සිට වැස්ස වැඩි වෙයි

    කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසා තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව එම ඉංජිනේරුවරු සඳහන් කරයි. මෙම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන…

    Read More

    ගගනගාමී විලියම් ඇන්ඩර්ස් අනතුරකින් මරුට

    කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් තිබේ. අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් වාර්තා අතරට එක්වන්නේ 1968 වසරේ අපලෝ 08 මෙහෙයුම යටතේ සඳේ කක්ෂයට ඇතුළු වූ ගගනගාමීන් තිදෙනාගෙන් අයෙක් ලෙසය. මියයන විට විලියම් ඇන්ඩර්ස්ගේ වයස අවුරුදු 90කි. අභ්‍යවකාශයේ සිට ගත් පෘථිවියේ වඩාත්ම ආශ්වාදජනක ඡායාරූපයක් වන Earthrise ඡායාරූපය කැමරාවට හසුකරගෙන…

    Read More