Headlines

    sp

    විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක්

    විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි. 2024  මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ බව එම නිවේදනය සඳහන් වේ. එමෙන්ම 2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 කි. එය 2023 ජනවාරි – මැයි මාස හා සසඳන විට 11.8%ක වැඩිවීමක් බව මහ බැංකුව වැඩිදුරටත්…

    Read More

    චීවරධාරියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

    ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී තුවාලකරුවාව සොයාගෙන තිබේ. පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි….

    Read More

    ශවේන්ද්‍ර ට සේවා දිගුවක්

    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.

    Read More

    මැයි මාසයේ දී විදෙස් සංචිතවල සුළු අඩුවීමක්

    පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9%ක සුළු පහළ යාමකි. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන…

    Read More

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අමෙරිකාවේදී අමිහිරි අත්දැකීම්

    ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට අමරිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලු රැසකට මුහුණ දී තිබේ. ඒ, ගුවන් යානා ප්‍රමාදවීම්, නවාතැන් ගන්නා හෝටල් සහ ක්‍රීඩාංගන අතර පවතින දුර මෙන්ම ක්‍රීඩාංගන තණතීරු සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා පිල පළමු අත්දැකීමට මුහුණදුන්නේ, අයර්ලන්තය සමග පැවැති පුහුණු තරගයෙන් පසුව ෆ්ලොරිඩා සිට නිව්යෝර්ක් දක්වා පැමිණීමේදී සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයයි.  එහිදී ශ්‍රී ලංකා, අයර්ලන්තය සහ දකුණු…

    Read More

    ආර්ථිකය නිවැරදි මඟකට ගන්නා හැටි ජනපති කියයි

    ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ මෙරට ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමේ පළමු පියවර තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු Cephalosporin ( සෙෆලෝස්පොරින් ) එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයාගේ ඒ බව පැවසීය. මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම…

    Read More

    හෙට වසා තැබෙන පාසල් ගැන දැනුම්දීමක්

    රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ නොපැවැත්වෙනු ඇති. ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල්…

    Read More

    දුම්රිය රියදුරන් හෙට වැඩ වර්ජනයක

    හෙට (07) දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසයි. ඒ දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම්, වැටුප් ගැටලු ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.

    Read More

    දීගොඩ කුමාර නිදොස් කොට නිදහස්

    ආධ්‍යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව එල්ලවූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වෙයි.

    Read More

    Starlink සඳහා මූලික අනුමැතිය

    ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී තිබේ. ඒ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත…

    Read More