Headlines

    sp

    මෛත්‍රී දුන් ජනාධිපති සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

    මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන්…

    Read More

    විදුලි බිලේ අලුත් මිල ගණන් ඇමති හෙළිකරයි

    ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ඒ අනුව ඒකක 0…

    Read More

    TikTok සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

    සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි. ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.

    Read More

    ඩෙංගු හිස ඔසවයි

    මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, පාසල් බොහොමයක මඳුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් බවය. “ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපි දැක්කා 2023 වර්ෂයේ අග භාගය වෙන විට…

    Read More

    අනපේක්ෂිත පසුබෑමක් හමුවේ ඉදිරියට ආ මෝදි

    ඉන්දීය මහ මැතිවරණය ජයගෙන තුන් වැනිවරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වීමට අගමැති නරේන්ද්‍ර මෝදි සමත්ව තිබේ. කෙසේ නමුත් ඔහුගේ සන්ධානයට මෙවර මැතිවරණයේදී අනපේක්ෂිත පසුබෑමකට මුහුණපෑමට සිදුව තිබීම විශේෂත්වයකි. දින 44ක් පුරා අදියර 7ක් යටතේ පැවැති ඉන්දීය මහා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ඊයේ නිකුත් වුණි. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය අත්කර දෙමිනි. කෙසේ නමුත්…

    Read More

    දඹුල්ලට අලුත් හිමිකරුවෙක්

    LPL තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම කණ්ඩායමේ නව හිමිකරු වන්නේ, ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants ආයතනයයි. ඒ අනුව එළැඹෙන LPL තරගාවලිය සඳහා “දඹුල්ල සික්සර්ස්” නමින් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතය. Sequoia Consultants සමාගමේ බහුතර…

    Read More

    ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ආණ්ඩුව පිළිගත්තා – කංචන

    විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (04) අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා පැවසීය. එබැවින් එම පනත් කෙටුම්පතට වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. රජය විසින්…

    Read More

    ජල මුලාශ්‍ර රැසක් අපිරිසිදු තත්ත්වයේ

    පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිසිදු වීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදාමක් මතුව ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ, හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසය. “මේ දවස්වල ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් පාචනය හා මී උණ වැනි…

    Read More

    උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්

    2023 (2024) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකිය. ඒ සඳහා පහළ උපදෙස් පිළිපඳින ලෙස ද විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම්දෙයි.

    Read More

    කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම පහළට

    කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලුඔය මේ වන විටත් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළාය. මේ නිසා ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජාඇළ, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද දිනයේ ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මේ අතර කැලණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ…

    Read More