Headlines

    DeepSeek තහනම් කිරීම පිළිබඳ චීනයෙන් ප්‍රතිචාර

    අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි පවසමින් එම යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණයට චීනය සිය ප්‍රතිචාර දක්වා තිබේ. දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් ‍කොට සලකන බවත්, එහි නීත්‍යානුකූල බව  සහතික කරන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා…

    Read More

    ශිෂ්‍යත්ව උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

    මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවය. ඊට අමතරව විභාග ප්‍රශ්න…

    Read More

    රාමසාන් දිනය අදයි..

    ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියකින් හා සහෝදරත්වය පෙරදැරිව සමරන රාමසාන් දිනය අදට (14) යෙදී තිබේ. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි. එහි දී, රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට…

    Read More

    දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුම්

    දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බවය. පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. “මුලික තීරණයක්…

    Read More

    විදේශ අමාත්‍යවරයා ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතයි.

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඊයේ (23) දින අමතනු ලැබීය. “සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, 1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර…

    Read More

    ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

    ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ…

    Read More

    අදත් පැයක විදුලි කප්පාදුවක් – වේලාවන් මෙන්න

    අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.  ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. කාණ්ඩ 4ක් යටතේ අද දින දිවයින පුරා සිදුකරනු ලබන විදුලි කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද අනුමැතිය හිමිව…

    Read More

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කර එම අංශය විසුරුවා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය රජය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයට ප්‍රධානියෙකු පත්කර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙලෙස එම අංශය විසුරුවා ඇති බවය. අදාළ පත්වීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ…

    Read More

    ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සිය සමුගැනීම ප්‍රකාශ කර තිබේ.  ඔහු වසර 12කට ආසන්න කාලයක්  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබුණි. එහිදී ටෙස්ට් තරග 59ක්දී කඩුලු166ක් සහ එක්දින තරග 25කදී කඩුලු 33ක් ලබා ගැනීමට ද…

    Read More

    පාසල්වල තෙවන අදියරේ ආරම්භය මැයි 20

    2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වනදා ආරම්භ වන අතර එය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    Read More