Headlines

    කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්

    කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එළැඹෙන 17 රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම නම යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය. “වගකිවයුතු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න ඕනේ….

    Read More

    සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද

    සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-18) – ඊයේ ආසාදිතයින් 338 යි මරණ 03 යි

    අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 338 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 16 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 322 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    චමරිට ජනපති සුබ පතයි

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් එක්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ ලද විශිෂ්ට ජයග්‍රහණය සමග ජනාධිපතිවරයා පෞද්ගලිකව චමරි අතපත්තු වෙත සුබපැතුම් එක්කළ බවය. දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම…

    Read More

    පවතින වැසි සහ සුළං තවදුරටත්

    නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More

    මියන්මාර සයිබර් අපරාධකරුවන්ගෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට

    මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් 08 දෙනා දිවයිනට පැමිණ තිබේ. පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය. මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 08 දෙනෙකු පසුගිය මාර්තු මස 04වන දා මුදාගැනීමට මියන්මාර ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි. ඔවුන් ශ්‍රී ලංකාවට…

    Read More

    මාස 9කට පසු ISS හි සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘතුවියට

    මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද (19) අලුයම් කාලයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා ආසන්න මුහුදට සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කෙරුණි. ඒ පැය 17ක දිගු ගමනකින් අනතුරුවයි. සනී සහ බුච් පැමිණි යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳි සිටි තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ…

    Read More

    සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

    ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, අද (23) සිට නොවැම්බර් මස 14 වනිදා දක්වා නිවාඩු අවංගු කිරීම සිදුකර ඇති බවය. කෙසේ වෙතත් කිසියම් අසනීප තත්ත්වයක් හෝ අත්‍යාවශ්‍ය කටයුතක් සඳහා නිවාඩු ලබාගැනීමට අවශ්‍ය නම් පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත…

    Read More

    ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර හමුවෙයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ. ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට…

    Read More

    සංගා හා මහේල ජනපතිට දුන් ශක්තිය

    ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සංගක්කාර මහතා මේ බව පවසා සිටියේය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ…

    Read More