
featureNews

පෙට්‍රල් මිල පහළට
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල…

IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි
ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක්…

මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් යැවීමට සූදානම්
භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මියන්මාර රජය දැනුම් දුන් පසු අදාළ වෛද්‍ය කණ්ඩායම පිටත්කර හැරීමට සූදානම් බවය. කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “මියන්මාරයට අවශ්‍ය…

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි
මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ පළමු වන අදියර පසුගිය 14 වන දින අවසන් වුණි. කෙසේවෙතත් රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණි. මේ අතර මේ දිනවල පැපොල…

අද සිට ඇරඹෙන බදු සංශෝධන
වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවය. ඕනෑම…

උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර…

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළට
යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය…

දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුම්
දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බවය. පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. “මුලික තීරණයක්…

නීතිවිරෝධීව උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වංචනිකයින්ට සහ දුෂිතයින්ට යළි රට පාලනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවය. “ආණ්ඩුවක් කොහොම ද දූෂිතයින්ට දඬුවම් දෙන්නේ, ආණ්ඩුවක කොහොමද අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන…

ඉදිරි දින කිහිපයේත් උෂ්ණත්වය ඉහළට
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 අතර අවධානය යොමු කලයුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා…