Headlines

    නදුන් කවීෂ අවසන් පූර්ව වටයට

    චීනයේ නැංජින් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (22) පැවැති මීටර 60 කඩුළු පැනීම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නදුන් කවීෂ සමත්විය. 4වන මූලික තරගයට (Heat 4) සහභාගි වූ නදුන් සිය ඉසව්ව තත්. 7.87කින් අවසන් කිරීමට සමත් වූ අතර, ඔහුට එහිදී 5වන ස්ථානය හිමිවිය. කෙසේ නමුත් ඔහු තරගය අවසන්කළ කාලය මූලික වටයේ…

    Read More

    අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීගෙන් පැහැදිලි කිරීමක්

    2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂය ඡන්දය භාවිත කර තිබුණි. අයවැය තුන්වැනි වරට කියවීමේ ඡන්ද විමසීමේ ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45 කි. ඒ අනුව අයවැය…

    Read More

    හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

    තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබේ. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස පුරා මෙහි බහුතර ගුවන්ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කළේය. එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ මෙය වන අතර, එය හදිසියේ වසාතැබීමට සිදුවීමෙන් මගීන් ලක්ෂ 2ක් පමණ පීඩාවට පත් වූ බව විදෙස්…

    Read More

    ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

    සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා…

    Read More

    දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

    දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ. ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක්…

    Read More

    TIN අංකය තවමත් ක්‍රියාත්මක නැහැ – මුදල් කාරක සභාවේ දී හෙළිවෙයි

    මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී. නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු…

    Read More

    පුහුණු නියමුවන් දෙදෙනා ජෙට් යානයෙන් පැන දිවි බේරාගනී

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බවය.  මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි. යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී…

    Read More

    ජෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය. එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

    Read More

    මහා බෝධි විහාරයේ පාලනය ඉල්ලා ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා

    ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි මස 12වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන් හි…

    Read More

    කොච්චිකඩේ පාළු ඉඩමක පුද්ගල මළසිරුරක්

    කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියාපාර, පෝරුතොට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (20) රාත්‍රි කාලයේදී පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මළසිරුර සොයාගත් බවය. වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Read More