
featureNews

ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි බැහැදකී
ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති ලෙස පත් වූ අකිකෝ ඉසොමාතා මහතා අද (15) ජපානයේ ලංකාජී විහාරස්ථානයට පැමිණ ඇත. එහි දී ලංකාජී විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස මාහිමිපාණන් මුණ ගැසුණු නව තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි ක්‍රියා මාර්ග පිලිබඳව සාකච්ඡා කර තිබේ. පසුව පැවති දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව තානාපතිවරයාගේ රුව…

කංසා තෙල් පන්නන්න ගිය රේගු පරීක්ෂක අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ අදාළ පාර්සලය රේගු පරීක්ෂකවරයා විසින් ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් ය. කෙසේවෙතත් කංසා තෙල් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්200ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,…

සා/පෙළ අපේක්ෂකයින්ට මතක්කිරීමක්
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත්කිරීම සඳහා පමනක් අද උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාර්යාලය විවෘතකර තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන්…

රට සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංගුවට
පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා රුපියල් 1,340,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. නාරාහේන්පිට පොලිසියට වාර්තාවූ පැමිණිලි 03කට අදාළව නාරහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඊයේ (14) සවස් කාලයේදී නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය වයස අවුරුදු 45ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය සම්බන්ධයෙන්…

පාර්ලිමේන්තුවේ හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය. ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බව ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසීය. සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන්…

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය පිළිබඳව කරුණු පැහැදිලි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා. “මෙවර…

ජාතික සත්ව සංගණනය අද
ජාතික සත්ව සංගණනය අද (15) පැවැත් වෙයි. අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය. ඒ අනුව පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්,…

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හෙට හදිසි නඩත්තු කටයුත්තක්
කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා හෙට (15) පෙරවරු 10:00 සිට අනිද්දා (16) පෙරවරු 06:00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ මෙම හදිසි නඩත්තු කටයුතු සිදු…

අනුරාධපුරයේ ආරක්ෂාවට CCTV 47ක් – එකක්වත් වැඩ නැහැ
අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා සවිකර ඇති CCTV පද්ධතිය තුළ කැමරා 47ක් සවිකර තිබුණද ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ නිලධාරීන් පවසයි. නිලධාරීන් පවසන්නේ, මේ හේතුවෙන් නගරයේ සිදුවන අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් අනාවරණය කරගැනීමට තිබෙන අවස්ථාවද අහිමි වී ඇති බවය. 2017 වසරේදී අනුරාධපුර, හබරණ හා පොළොන්නරුව නගරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සැකසීමටඋතුරුමැද පළාත්…

ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ශාන් පුතා නැමැත්තාව මිලිමීටර නවය වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය මගින් අද (14) අත්අඩංගුවට ගනු ගෙන ඇත. එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ශාන් පුතා නැමැත්තාගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන විත් රැප්…