featureNews
තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම ගැන රජයෙන් නිවේදනයක්
තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයකම පුරප්පාඩු පවතින බව එම නිවේදනයේ දැක්වේ. එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වෙන අතර එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාළ නිවේදනයේ මෙලෙස දැක්වේ.
ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 86% ඉක්මවයි
පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවය. දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල…
රටම ඉල්ලන විශේෂ මෙහෙයුම අරඹයි
මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් පෙරේදා (2) සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත. නව රජයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ක්‍රියාත්මක වන ‘Clean SriLanka’ව්‍යාපෘතියට සමගාමීව…
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්
මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි. බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම සඳහන් කළේය. මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.
චීනයේ පැතිර යන නව වෛරසය ගැන ලංකාව අවධානයෙන්
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි. කොවිඩ් -19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස…
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ තද වැසි
අද (4) දිනයේ ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එමෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි….
මහින්ද සමරසිංහගේ තානාපති ධුරය ගැන තීරණයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගිය කාලසීමාවේ දී දේශපාලන පත්වීම් ලැබු තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවීමට රජය තීරණය කළේය. කෙසේවෙතත් මහින්ද සමරසිංහ මහතාව එම තනතුරේ තවදුරටත් රැඳවා තැබීමට රජය තීරණය කළ බව “අද…
නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්
අමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්. ඉන් එක් සිද්ධියක් නිව් ඕලියන්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, තවත් සිද්ධි දෙකක් නිව්යෝර්ක් සහ ලාස් වේගාස් නුවරින් වාර්තා විය. මෙම සිද්ධීන්වලින් 16 දෙනකු මියගිය අතර, තුවාල ලැබූ ගණන 53ක්. 2025 නව වසර මහත් හරසරින් පිළිගැනීම සඳහා අමෙරිකානුවන් විවිධ ප්‍රදේශවලදී උත්සව සංවිධානය කර තිබුණි. ඒ අනුව නිව් ඕලියන්ස්හි…
ශ්‍රී ලංකා සංචාරය කමින්ස්ට අහිමි වෙයි
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ඔවුන්ගේ නිත්‍ය නායක පැට් කමින්ස්ට අහිමිවනු ඇති බව වාර්තා වේ. ඒ කමින්ස්ගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් බව සඳහන්. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන නායක ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ. වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු…
ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ( NEDA ) නව සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අබේසේකර මහතා පත්කර තිබේ. පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමණාකරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අබේසේකර මහතා, වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණය ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන…