featureNews
ට්‍රම්ප් යටතේ FBI ප්‍රධානී තනතුර කාෂ් පටෙිල් ට
තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ FBI සංවිධානය එනම් අමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙිල් එනම් කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කිරීමට කටයුතු කර තිබුණි. පටෙිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසය. පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ජාතික ආරක්ෂක ලේකම්වරයා…
වෙළෙඳපොළේ පොල් හිඟයක්
වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය. ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබේ. පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල් හිඟයක්ද වෙළෙඳපොළේ පවතින බවය. එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතී. එමෙන්ම එක්සත් සහල්…
වාහන ආනයනය ගැන අලුත්ම දැනුම්දීම
එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පැවසුවේ නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉදිරියේදි ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා, “පෙබරවාරි සිට…
පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට ඒඩ්ස් ව්‍යාප්තියේ වැඩිවීමක්
ලෝක ඒඩ්ස් රෝග මර්දන දිනය අදට (01) යෙදී තිබේ. සමස්ත ලෝකය හා සැසඳීමේදී ශ්‍රී ලංකාව සැලකෙන්නේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අඩු රටක් ලෙසයි. කෙසේවෙතත් පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මෙරට ඒඩ්ස් රෝග ව්‍යාප්තියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය…
සම්ප්‍රදායික පක්ෂ විනාශ වෙද්දි නැගී ආ එකම පක්ෂය සර්වජන බලය – දිලිත්
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විනාෂයට ලක්වෙද්දී මෙරට ඉතිරිව ඇති නැගීඑන එකම දේශපාලන ව්‍යාපාරය සර්වජන බලය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලයේ සංවිධායක සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. “මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව වැඩිම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ සර්වජන බලය. අඩුම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. පොදුජන…
නීතිවිරෝධීව එකලස් කළැයි සැක තවත් ඩිෆෙන්ඩර් රථයක් ගරාජයකින් හමුවෙයි
නීතිවිරෝධීව ලෙස එකලස් කරන ලදැයි සැකකෙරන ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී සොයාගෙන තිබේ. ඒ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය. වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදී මහරගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් විසින් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක්,…
කල් ඉකුත් වූ භාණ්ඩ තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට තිබියදී හසුවෙයි
එළැඹෙන උත්සව සමය තුළ තොරතුරු වෙනස් කරමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ආනයනික කඩල, සහල්, සහ කල් ඉකුත් වූ රට ඉඳි ගබඩා කර තිබූ ගබඩා කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීමක් සිදුකර තිබේ. එහිදී රසායනාගාර වෙත බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය ලීටර් 50ක්ද එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්…
ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කළ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු අත්අඩංගුවට
බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට ත්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් එකතු කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ සැකකරු විසින් එලෙස එක් රැස් කළ මුදල් කොළඹ හා වන්නි ප්‍රදේශයේදී බෙදා හැර ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට 2009 වසරේදී මෙරටින් පිටව ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගත් අයෙකි. කොළඹ උතුර අපරාධ කොට්ඨාසය…
අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 53,888කට අයත් පුද්ගලයින් 143,726දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සහ ඥාති නිවාසවල රැඳී සිටී. ඒ අනුව, පවුල් 45,418කට අයත් පුද්ගලයින් 116,209දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 229ක පවුල් 8470කට අයත් පුද්ගලයින් 27,517දෙනෙකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර නිවාස 103ක් පූර්ණ හානියට ලක්ව ඇති අතර…
උත්සව සමය ඉලක්ක කර පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක්
උදා වී ඇති දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ තුළදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අද (01) දිනයේ සිට ජනවාරි 15 දින දක්වා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. එම අධිකාරිය පැවසුවේ උත්සව සමය තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගන්නා ඇඳුම්…