featureNews
අවසන් රැලියේ දී රිෂාඩ්ගේ සහ මස්තාන්ගේ ආධාරකරුවන් යකා නටයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබේ. ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි. හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ…
පොලීසිය සීරුවෙන්
මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවය. “මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක්…
වනිඳු ආබාධයකට ලක්වෙයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (13) ආරම්භවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වනිඳු හසරංග සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒ දෙරට අතර දඹුල්ලේදී පැවති දෙවැනි 20/20 ජාත්‍යන්තර තරගයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙනි.
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතු බව ද…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක්
2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත. මෙය 7.9% ක…
පාස්පෝට් ගැටලුව ගැන ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම සඳහා මෙන්ම අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම සඳහා අදාළ නිවේදනය නිකුත් කළ බව එහි සඳහන්ය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතාව විසින්…
උමතු යුද්ධයක් ඇරඹෙනු ඇතැයි අනතුරු ඇඟවීමක්
නිමක් නොදකින ගාසා යුද්ධයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රමෝපාය අභියෝගයට ලක් කළ ඔහුගේ දක්ෂිණාංශික රජයේ එකම කැබිනට් අමාත්‍යවරයා ඉවත් කර තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ඔහුගේ තනතුරෙන් ඉවත් කරමින් අගමැති නෙතන්යාහු ප්‍රකාශ කළේ විශ්වාසය පිළිබඳ අර්බුදයක් හේතුවෙන් ඔහු ඉවත් කළ බවය. ගාසා යුද්ධයේ අරමුණු සහ සීමාවන් පිළිබඳව අගමැති නෙතන්යාහු සමග මත ගැටුමක පැටලී සිටි…
රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අධිකරණයට
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව පසුගිය ඔක්තෝබර් මස 31 වනදා අත්අඩංගුවට ගත් අතර පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
සහල් හිඟයට හේතුව මේකද ?
බියර් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් සහල් ලබාදීම වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වීමට සෘජුව බලපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ, බියර් නිෂ්පාදනය කරන්න ලබාගන්නා කැකුළු සහල් නිපදවන්නේ නාඩු වී ලබාගැනීමෙන් බවයි. තවදුරටත් අදහස් දැක් වූ යූ.කේ. සේමසිංහ මහතා, “බියර්…
එළැඹෙන සඳුදා දිනෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි. මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට…