Headlines

    මුම්බායි අවසන් සටන පෙනෙන මානයට

    ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. රාත්‍රී තරගයක් ලෙස චන්දිගාර් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 228ක් රැස්කළේය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගුජරාට් කණ්ඩායමට ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයට පිළිතුරු…

    Read More

    නීතිවිරෝධීව දේශසීමා පනින්න ගිය ලාංකිකයන් තිදෙනෙකු ඇල්බේනියාවේදී අත්අඩංගුවට

    ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සාහිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත් ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් කාෆේ තානේ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවත්ය. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ…

    Read More

    මාස 5ක් තුළ මෙරටට පැමිණි සංචාරකයින් මිලියනය ඉක්මවයි 

    2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි. තවද එම අධිකාරිය පැවසුවේ මැයි මාසයේදී මැයි 25 දක්වා තවත් සංචාරකයින් 109,213 පැමිණ ඇති බවය.

    Read More

    ජෝ බයිඩන්ට පිළිකා රෝගී තත්ත්වයක්

    අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ.  ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වී ඇත්තේ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක්  වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවය. එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 82 හැවිරිදි බයිඩන්, පසුගිය ජනවාරි මාසයේදී ධුරයෙන් ඉවත් වූ අතර රෝගී තත්ත්වයක් පසුගිය දින…

    Read More

    ගාසා තීරය ගැන ඊශ්‍රායලය ගත් තීරණය

    සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ පුළුල් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවට ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇත. මේ අතර…

    Read More

    මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි

    අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර…

    Read More

    දෙදින නිල සංචාරය නිම කෙරූ ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත් වෙයි

    දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියේය. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිත අතර ඒ සඳහා ඒ මහතා අනුරාධපුර සංචාරය නිම කිරීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා පිටත්ව ගියේය. සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර…

    Read More

    දකුණු ගාසා තීරයේ සිදුවූ වෙඩි ප්‍රහාරයේ අත්වැරැද්ද ඊශ්‍රායලය පිළිගනියි

    දකුණු ගාසා තීරයේ වෛද්‍ය වෘත්තිකයින් ඇතුළු හදිසි සේවකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධව ඊශ්‍රායලය සිය වරද පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධව සිය සොල්දාදුවන් වැරදි සිදුකර ඇතැයි ඊශ්‍රායල හමුදාව පිළිගෙන ඇති බවය. පලස්තීන රතු අඩසඳ සංගමයට අයත් ගිලන් රථ පෙළට පසුගිය 23 වැනි දින දකුණු ගාසා තීරයේදී ඊශ්‍රායල…

    Read More

    ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි

    මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය  නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් අද (06) පෙරවරුවේ සිදු කෙරිණි.  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “ සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක් ” යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති…

    Read More

    ට්‍රම්ප්ට සහ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළුව ස්ථාන 1,200ක ඊයේ (05) දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවය. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය…

    Read More