Headlines

    මෙරට ක්‍රීඩා සංවර්ධනයට ඉන්දියාවේ සහාය

    ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි. ඔහු මෙම අදහස් පළකළේ අද (06) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති හමුවකදී ය. එහිදී මහකොමසාරිස්වරයා පැවසුවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන…

    Read More

    පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයෙකු හමුවෙයි

    චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. කෙසෙවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ…

    Read More

    දශකයකට පසුව සිදුවන දරුණුතම හිම පතනය

    අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ…

    Read More

    එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වැසෙයි

    පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබේ. මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර්, ලිවර්පූල් සහ බර්මින්හැම් ගුවන්තොටුපොළ අයත්ය. එරට පළාත් රැසකට මේ දිනවල අධික හිමපතනය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 11ක මට්ටමේ පවතින බව වාර්තා වෙයි. මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය,…

    Read More

    චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම තත්ත්වය

    චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබේ. චීනය පවසන්නේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි. ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත් චීනය පවසයි. එමෙන්ම චීනයට සංචාරය…

    Read More

    ටෙස්ලා අලෙවියට අභියෝග කළ BYD

    ලෝකයේ විද්‍යුත් වාහන අතර ප්‍රමුඛයා වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ මෝටර් රථවල ගෝලීය අලෙවිය ගතවූ 2024 වසරේදී ප්‍රථම වරට පහත වැටෙද්දී, චීන වෙළෙඳපොළ තුළ ටෙස්ලා වාහන අලෙවිය 2024 වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 2024 වසරේදී ටෙස්ලා විද්‍යුත් වාහන 6,57,000ක් චීනයේ අලෙවි වී තිබෙන්නේ 8.8%ක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කරමිනි. අමෙරිකාව හැරුණුකොට ටෙස්ලා විද්‍යුත් වාහන…

    Read More

    සීගිරියේ සංචාරක ගැටලු විසඳීමට සාකච්ඡාවක්

    දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වී තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රවේශ පත්‍ර…

    Read More

    තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම ගැන රජයෙන් නිවේදනයක්

    තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයකම පුරප්පාඩු පවතින බව එම නිවේදනයේ දැක්වේ. එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වෙන අතර එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාළ නිවේදනයේ මෙලෙස දැක්වේ.

    Read More

    චීනයේ පැතිර යන නව වෛරසය ගැන ලංකාව අවධානයෙන්

    චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි. කොවිඩ් -19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස…

    Read More

    නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්

    අමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්.  ඉන් එක් සිද්ධියක් නිව් ඕලියන්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, තවත් සිද්ධි දෙකක් නිව්යෝර්ක් සහ ලාස් වේගාස් නුවරින් වාර්තා විය. මෙම සිද්ධීන්වලින් 16 දෙනකු මියගිය අතර, තුවාල ලැබූ ගණන 53ක්.  2025 නව වසර මහත් හරසරින් පිළිගැනීම සඳහා අමෙරිකානුවන් විවිධ ප්‍රදේශවලදී උත්සව සංවිධානය කර තිබුණි.  ඒ අනුව නිව් ඕලියන්ස්හි…

    Read More