සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත්…

Read More

මාස 5ක් තුළ මෙරටට පැමිණි සංචාරකයින් මිලියනය ඉක්මවයි 

2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි. තවද එම අධිකාරිය පැවසුවේ මැයි මාසයේදී මැයි 25 දක්වා තවත් සංචාරකයින් 109,213 පැමිණ ඇති බවය.

Read More

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි

‍සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. පරිපූරක  වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර…

Read More

බලපත්‍රධාරී මත්පැන්හිමියන්ගෙන් සුරාබදු නිලධාරීන් අල්ලස් ඉල්ලයි

සුරාබදු නිලධාරීන් විසින් බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගෙන් අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර ඇති බව බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් උඩුගම මහතා සඳහන් කළේ, අල්ලස් ලබා නොදෙන බලපත්‍රධාරීන්ට හිරිහැර කිරීම සහ අසත්‍ය චෝදනා නැගීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවය. මේ පිළිබඳ බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම…

Read More

ආනයනික පළමු ලුණු තොගය බදාදා දිවයිනට

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ලුණු ආනයන කටයුතු ප්‍රමාද වීමට ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් අර්බුදකාරී වාතාවරණය ද හේතූවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. අද පෙරවරුවේ පුත්තලම ලුණු සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය…

Read More

මානව හිමිකම් කොමිසමෙන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක්

පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. 2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත මෙය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය….

Read More

අනියත බිය ලුණු හිඟයට හේතුවක් 

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි. ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ඇතිවෙන්න ලුණු රැසකර ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ නන්දනතිලක මහතා, “වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ…

Read More

ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට දිනයේ පැවැත්වෙන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන බව රණවිරු සේවා අධිකාරිය පවසයි. එහි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා සඳහන් කළේ සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බවය. යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19)…

Read More

2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය බලපෑ අයුරු

2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අදාළ කාලසීමාව තුළ මෙරට පවුල්වලින් 60.5 %ය ගේ මාසික ආදායම අඩු වී ඇති බවය. 2023 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ ගෘහස්ථ සමීක්ෂණයේ අවසන් වාර්තාවෙන්…

Read More

ලංවිම ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතුයි – සජිත්

අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ පළමු කාර්තුවේ දී විදුලි බල මණ්ඩලය බිලියන 18ක පාඩුවක් ලැබීම ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතාව මනාව පෙන්නුම් කිරීමක් බවය. මෙම පාඩුව ජනතාව මත පටවමින් සියයට 20කට ආසන්න විදුලි…

Read More