මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධුරය වසර දෙකක කාලයක් පවතී. බෝවන රෝග ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අදාළ…

Read More

බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව බැක්ටීරියා ආසාදනයක්

කොළඹ බේර වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පර්යේෂනවලින් තහවුරු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව සහවුරු වූ බවය. “පසුගිය දිනවල තාරාවන් මියයෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව මැදිහත් වී හෝමාගම පශු…

Read More

ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්…

Read More

ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4,943ක්

ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්ය. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 315ක් ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබේ.

Read More

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් සොයා ගැනේ

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල්…

Read More

සති 03 කදී ඩෙංගු රෝගීන් 3,500 ඉක්මවයි

වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම මුල් සති 03 තුළදී ඩෙංගු මරණ 02 ක්ද වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,576කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 491ක්  ගම්පහින් රෝගීන් 558ක් සහ…

Read More

ගෙවුණු දින 14ට ඩෙංගු රෝගීන් 2,352ක්

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම කාලය තුළ කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බව වාර්තා වෙයි. මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 374ක් වේ. කොළඹින් රෝගීන් 304ක්, ගාල්ලෙන්  රෝගීන් 169ක් සහ මහනුවරින් රෝගීන් 134ක් වාර්තා වී…

Read More

මුඛ ද්‍රාවණ ටෙන්ඩරය ගැන SPCයෙන් පැහැදිලි කිරීමක්

අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කරන්නේ, අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන මාධ්‍ය මගින් පළවූ වාර්තා අසත්‍ය බවය. අදාළ තොරතුරු නිවැරදි කරමින් ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරන්නේ, අදාළ ඇණවුම වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරන ලද…

Read More

ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට රජයේ අවධානය

ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් ද එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මහනුවර ප්‍රදේශයේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට සෞඛ්‍ය අමාතංශයේ ලේකම්…

Read More

චීන වෛරසය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (09) පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවය. එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ…

Read More