Headlines

    නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

    රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ…

    Read More

    විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න  – ජනපති

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර…

    Read More

    එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ – දිලිත්

    ප්‍රශස්ත විපක්ෂයක් නිර්මාණ කළොත් ආණ්ඩුවකට වඩා වැඩක් කළ හැකි බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ සිටීමට සිදු නොවන බවය. ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ සර්වජන බලයෙන් ‘පදක්කම’ ලකුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ විශේෂ හමුවක් අද (12) වස්කඩුව හෝටලයකදී පැවැති අතර…

    Read More

    සජිත් ගැන කලකිරී අජිත් යන්න යයි

    සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න…

    Read More

    මුහුදු නොයන්න යැයි ධීවරයන්ට උපදෙස්

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5…

    Read More

    ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ක පමණ තද වැසි

    දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද…

    Read More

    වසා දැමුණු වැලිපැන්න පිවිසුම යළි විවෘත කරයි

    කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (12) උදෑසන 7ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය. ඇදහැළුණු වර්ෂාවත් සමග වැලිපැන්න පිවිසුම ඊයේ උදෑසන ජලයෙන් යටවූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

    Read More

    ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත….

    Read More

    තවත් ප්‍රබලයෝ පිරිසක් මහ ඡන්දෙට නොඑති

    හිටපු මැතිඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අතර පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද සිටී. පසුගිය‍ ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව තහවුරු කර තිබේ. එමෙන්ම පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර…

    Read More

    නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික බෝම්බයෙන් බේරුණු පිරිසකට

    ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් බේරුණු කණ්ඩායමකට 2024 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. එම කණ්ඩායම “Nihon Hidankyo” නමින් හැඳින්වුණි. හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවිගලවාගත් එම පිරිස ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් කමිටුව පැවසීය.

    Read More