Hot News
පුටින් ට අනතුරු ඇඟවීම්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර අමෙරිකාව සහ දකුණු කොරියාව පවසන්නේ එමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද සබඳතා තවත් වර්ධනය විය හැකි බවත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට එරෙහි ක්‍රියාවක් බවත් ය. රුසියානු ජනපතිවරයාගේ සංචාරය හේතුවෙන් උතුරු කොරියාව සහ රුසියාව අතර…
වාහන ගෙන්වන සැලසුම IMF වෙත ඉදිරිපත් කරයි
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය. 2024 වසරේ තුන්වන කාර්තුවේදී පොදු…
සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්
සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන බවයි. ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇත. දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙයි. විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ…
ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා
මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකක දී පවත්වා ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වු ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ…
ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූයේ D කාණ්ඩය යටතේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගැනීමත් සමඟය. ඒ අනුව බංග්ලාදේශයේ ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්තයට…
සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසිය ජනපති පහදයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වල මූලික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොළඹදී අද (13) පැවති සාර්ක් කලාපීය රටවල 45 වැනි මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම හා සමුළුව අමතමිනි. එම අවස්ථාවට සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් මෙන්ම සාර්ක් රටවල මහ බැංකු අධිපතිවරුන් සහ නියෝජ්‍ය අධිපතිවරුන්…
මැයි මාසයේ ICC දක්ෂතම ක්‍රීඩිකාව චමරි
2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර තිබේ. ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වී තිබේ.
ඔස්ට්‍රේලියාවට යන අයට ජුලි සිට නව නීති
ජුලි මස පළමු වනදා සිට වීසා නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳීසිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට දී තිබූ අවස්ථාව මින් ඉදිරියට අහිමි වේ. යුද ගැටුම් සහ දරිද්‍රතාව හේතුවෙන් දහස් ගණන් පිරිස් රටින් පළාගොස් සමෘද්ධිය පතා ධනවත් රටවල රැකවරණ ඉල්ලා සිටින අතර, තවත් විශාල පිරිසක් සංවර්ධිත…
ඉන්දීය මුදල් ඇමති සහ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය අතර හමුවක්
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් නවදිල්ලියේ දී සිදුවී තිබේ. එහිදී නිර්මලා සීතාරාමන් යළිත් වරක් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඇයට සුබ පැතුම් එක් කර ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවද…
ලොව ධනවත් රටවල් හතේ මෙවර ඉලක්කය
ලොව ධනවත් රටවල් හතේ නායකයින් සහභාගී වන G7 සමුළුව ඉතාලියේදී අද පැවැත්‌වෙයි. කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් එම සමුළුව අද සිට ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. මීට අමතරව අප්‍රිකාවේ සහ ඉන්දු පැසිපික් කලාපීය රටවල නායකයින්ද G7 සමුළුවට සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේනයේ සහ ගසා…