Headlines

    කොළඹ අඩු ආදායම්ලාභීන් 250,000කට නිවාස අයිතිය

    එළැඹෙන මාසයේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ අද (17) පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේය. “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ලෙස මහවැලි වලව කලාපයේ ජනපදිකයින් 1,524 දෙනෙකුට ඔප්පු ලබාදීමේ…

    Read More

    අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනයක් ?

    ලොව පුරා මහ බැංකු තමන්ගේ විදේශ මුදල් සංචිත සඳහා අමෙරිකානු ඩොලර් පමණක් නොව දැන් වෙනත් විකල්ප විනිමය භාවිත කිරීමටත් පෙළඹී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍ය හීනවීමක් ලෙස හැඳින්විය හැකිය. ජාත්‍යන්තර වශයෙන් වඩාත් පිළිගැනීමට ලක්වූ මුදල් වර්ග හතර ලෙස සැලකනු ලබන්නේ, අමෙරිකානු ඩොලර්, යුරෝ, ජපාන යෙන් සහ…

    Read More

    ගාස්තු නැති විශේෂ දුම්රිය සේවාවක්

    පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විශේෂ දුම්රිය කිහිපය අනුරාධපුරය – මිහින්තලය අතර ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. එමෙන්ම, කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගීන්ට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ…

    Read More

    කුලී ආදායම් බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විවිධ දුර්මත සමාජය තුළ ඇතිවී…

    Read More

    විශේෂ දැනුවත් කිරීමක්

    ආදරණීය කතාවක් ඇතුලු චිත්‍රපට කිහිපයක නම් ව්‍යාජ ලෙස භාවිතා කරමින් ටෙලිග්‍රෑම් සහ අනෙකුත් සමාජමාධ්‍ය ඔස්සේ මුදල් ජාවරමක් කිසියම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. මෙම කණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගැනීමට චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම මේ වනවිටත් අදාල අංශ දැනුවත් කර ඇත. මෙම ආයතන වලට මුදල් බැර කර හෝ ඔබගේ පෞද්ගලික බැංකු ගිණුම් අංක දුරකථන අංක…

    Read More

    ජල සැපයුම යථාතත්ත්වයට පත්කිරීම ගැන දැනුම්දීමක්

    ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් කලටුවාව සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයක ගැටී අනතුරක් සිදුව තිබුණේ අද අලුයම 2ට පමණය….

    Read More

    ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක් 

    ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්  20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරගය යි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කළේය….

    Read More

    හජ් උත්සවය අදයි

    ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබේ. පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හැදින්වේ. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින්…

    Read More

    පොලීසියේ ට්‍රැෆික් නිලධාරීන්ට ලැබෙන අලුත්ම ගාස්තුව මෙන්න

    පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර ඇති බව පොලීසිය දැනුම්දෙයි. මෙම පොලිස් නිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් කටයුතු කරන බවත් පොලීසිය පවසයි. ඒ අනුව පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී සිදුකරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවීමට තීරණය කර ඇත. එම විස්තර…

    Read More

    අමෙරිකාවේ රන් කොල්ලයක්

    අමෙරිකාවේ කැලිෆෝනියා හි රන් භාණ්ඩ සාප්පුවකට ඇතුළු වූ පිරිසක් රන් භාණ්ඩ කොල්ලකන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 20 දෙනෙකු පමණ මෙම කොල්ලයට එක්වී ඇති අතර ඉන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. විනාඩි 3ක පමණ කාලයක් තුළදී ඔවුන් හැකි තරම් රන් භාණ්ඩ සොරාගෙන පළා ගොස් තිබුණි.

    Read More