Hot News
මන්නාරමේදී උරුමය ඉඩම් ඔප්පු බෙදා දෙයි
“උරුමය ” වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයට ඉඩම් ඔප්පු 5,000ක් ලබාදීමට නියමිත අතර මේ වනවිට ඉඩම් ඔප්පු 442ක් ලබාදී අවසන් බව ජානාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. “උරුමය ” සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ අද (16) සිදු…
ගතවූ මාස 06ට මත්ද්‍රව්‍ය කිලෝ 600ට අධික තොගයක් නාවික හමුදා භාරයට
මේ වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. රුපියල් මිලියන 9,460කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය එලෙස සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කළේය. බහුදින යාත්‍රාවක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 3,250කට අධික වටිනාකමකින්…
දුම්රිය ධාවනයට බාධා
ප්‍රධාන මාර්ගයේ සහ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. අද (16) උදෑසන කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රියේ ප්‍රධාන නියාමක මහතා දුම්රියෙන් ඉවතට විසිවී සිදුවූ අනතුරක් හේතුවෙන් එම දුම්රිය මේ වනවිට ගම්පහ දුම්රිය ස්ථානයේ නවත්වා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව සඳහන්ය. ගනේමුල්ල…
කෝපා කමිටුව හමුවට තවත් ආයතන කිහිපයකට කැඳවීම්
රාජ්‍ය ආයතන කිහිපයක් ලබන සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබේ. කෝපා කමිටුව එළැඹෙන සතියේ දී දින තුනක් රැස්වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව අනිද්දා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව සඳහන්ය. මීට අමතරව එළැඹෙන 20 වනදා මහා…
මොකක්ද මේ mpox ?
mpox නම් වෛරස් රෝගය වැළඳුනු තවත් පුද්ගලයෙක් දකුණු අප්‍රිකාවේ මියගොස් තිබේ. ඒ එම රෝගී තත්ත්වයෙන් පැය 24ක් තුළ මියගිය දෙවැනි පුද්ගලයා බව වාර්තා වෙයි. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් ය. මේ දක්වා එරටින් 2024 වසරේදී ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය. මීට පෙර මෙම වෛරස…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද (15) පැවති එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගය පැවැත් වුණේ හම්බන්තොට ක්‍රීඩාංගණයේදී ය. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කාන්තා කණ්ඩායමට ලබා දුනි. ඒ අනුව කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි…
උද්දිකගේ රථයට වෙඩි තැබූ ASP රටපනි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩිතැබු බවට චෝදනා එල්ල වී ඇති සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග අනුව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය….
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ “විනිසුරු චිත්‍රසිරි කමිටු” වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය. එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි. එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. තවත් අසාර්ථක තරගාවලියක් නිමා…
කුලී නිවෙස් හිමියන්ට එන අලුත්ම බද්ද
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති නවතම සවිස්තරාත්මක වාර්තාවක මේ පිළිබඳව දක්වා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී…
රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබීය. රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබේ.